Friday, March 29, 2024

General line - 0115112241

කොළඹට නොදුරින් අනතුරටපත් නැවේ කාර්ය මණ්ඩලය බේරා ගැනේ - කපිතාන් ඇතුළු 10ක් ලාංකිකයින් (PHOTOS)

චම්ලි ඒකනායක / දිනුක් හේවාවිතාරණ




කොළඹ වරායට නාවික සැතපුම් 11.6ක් දුරින් අනතුරටපත් ‘මුතා පයනියර්’ වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (ජුනි 26) අළුයම බේරාගෙන තිබෙනවා. ඩොමිනිකා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ මෙම වෙළඳ නෞකාව කපිතාන්වරයා හට පාලනය කර ගත නොහැකිව වම් පසට ඇලවී ඇති බව නාවික හමුදාවට දැනුම්දීමෙන් අනතුරුව මෙම බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

නිරුපද්‍රිත ලෙස රැගෙන එනු ලැබූ නාවිකයින් පිරිස අතරට ශ්‍රී ලාංකීකයින් 10 දෙනෙකු සහ එක් ඉන්දුනීසියා ජාතිකයෙකු ඇතුළත් වන අතර, නෞකාවේ කපිතාන් වශයෙන් කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලාංකිකයෙකි.

මෙම නෞකාවේ හිමිකරු ඉන්දියානුවෙකු වන අතර, අදාල නාවිකයින් පිරිස කොළඹ, වරාය පොලිසිය වෙත භාරදී තිබෙනවා..