Thursday, March 28, 2024

General line - 0115112241

පුලතිසි පොසොන් උදානය අද සිට (PHOTOS)




පුලතිසි පොසොන් උදානය මෙවරත් ජූනි 27,28,29 සහ 30 යන දිනවල පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය කේන්ද්‍ර කර ගනිමින් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා.

ඒ වෙනුවෙන් මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රමුඛ මහ රහත් ධාතුන් වහන්සේ වැඩම කරවීම සිදු කර තිබෙනවා.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති යටිහලගල රජමහා විහාරාධිකාරී පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමීන්වහන්සේගේ ආශිර්වාදයෙන් මෙම ධාතුන් වහන්සේ වැඩම කරවීම සිදුකෙරුණු අතර පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, චතුරිකා සිරිසේන ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ධාතුන්වහන්සේ රැගත් රිය පෙරහැර ඊයේ (26) පස්වරුවේ දඹුල්ල, අතුපාරයාය, ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට ළගාවූ අතර ධාතුන් වහන්සේ පුලතිසි පොසොන් උදානය සඳහා වැඩම කරවීම අද (27) පෙරවරුවේ සිදු කෙරෙනු ඇති.

පුලතිසිපුර ඒකාලෝක කරමින් පැවැත්වෙන පුලතිසි පොසොන් උදානය අද  පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරෙන අතර එහි තැන්පත් කෙරෙන සර්වඥ ධාතුන් වහන්සේ ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා නිරාවරණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරෙනවා.

පුලතිසි පොසොන් උදානය පොසොන් තොරණ, පහන් කූඩු සහ දන්සැල් වලින් සමන්විතයි.