Wednesday, April 24, 2024

General line - 0115112241

ආගමික හා ශාසනික ප‍්‍රබෝධයට ධාතූන් නමස්කාරයත් වැදගත්



නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයෙන් මෙරට ආගමික හා ශාසනික ප‍්‍රබෝධයක් ඇති වූ බව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් පවසනවා.

ඊයේ (26) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී උන්වහන්සේ මේ බව කියා සිටියා. 

පොසොන් පොහොයේ වැදගත්කම සහ නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය පිළිබඳ මෙම වැඩසටහනේ දී සාකච්ඡාවට භාජනය වුණා.

එහිදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද අදහස් පළ කළා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.