Friday, April 19, 2024

General line - 0115112241

ආජන්ටිනාවේ අවිනිශ්චිත බව පහව යයි




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් දහසය දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ප‍්‍රබල ආජන්ටිනා කණ්ඩායම ඊයේ (26) සමත් වුණා.

ඒ, නයිජීරියාව ගෝල දෙකට එකක් ලෙස පරාජයට පත් කරමින්.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඞී කාණ්ඩයෙන් තරග කළ ආජන්ටිනාව මෙම තරගයට සහභාගී වන අවස්ථාවේ තරගාවලියේ ඉදිරියට යාම පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක පසුවුණා.

ඒ, ඔවුන් සහභාගී වූ පළමු තරග දෙකෙන් එකක් පරාජය වී අනෙක් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙම තරගය ජයගැනීමෙන් පසු ඞී කාණ්ඩයේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ආජන්ටිනා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව දහසය දෙනාගේ වටයේදී ආජන්ටිනාව ප‍්‍රංශය සමග තරග වැදීමට නියමිතයි. 

මේ අතර ඞී කාණ්ඩය යටතේ ඊයේ පැවති තවත් තරගයකදී ක්‍රොඒෂියාව ගෝල දෙකට එකක් ලෙස අයිස්ලන්තය පරාජය කළා.