Tuesday, April 23, 2024

General line - 0115112241

අතර මග නැවතීම් නැතිව රඹුක්කන සිට පයින් ගිහින් දළදා වැඳ එන 52 හැවිරිදි වික්‍රමසිංහ (PHOTOS)

සමන් විජය බණ්ඩාර




වසරේ විශේෂිත පොහෝය දිනයන් වලදි රඹුක්කන සිට පාගමනින් මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට පැය 4 කටත් වඩා අඩු කාලයකින් ගමන් කරන, ගිනස් වාර්තාවකටද හිමිකම් කියන රඹුක්කන දියසුන්නත පදිංචි අවුරුදු 52 ක් වයසැති එස්.පි. වික‍්‍රමසිංහ අද (27)  දිනයේදිත් උදෑසන මහනුවර දළදා මාළිගාව කරා සිය ගමන ආරම්භ කරන ලදි.

‘‘ ක‍්‍රිඩාවවෙන් නිරෝගි සිරුරක් සුවබර මනසක් ’’ යන උදාරතර සංකල්පය පසක් කරමින් මෙම කටයුත්තේ සිය කැමැත්තෙන්ම නිරත වන බවයි ඔහු පවසන්නේ.

"මම වසර 5 ක් තිසේ වසරේ විශේෂ නිවාඩු දින වලදි 6 වතාවක්ම අනුරාධපුරයට ගිහින් තියෙනවා. දින එක හමාරක් වාගේ කාලයක් ඇතුළතදි. මම විවාහකයි. එක පිරිමි දරුවෙක් ඉන්නවා එයා දැන් ඉන්නේ නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශයේ පුනෑව කඳවුරේ සේවය කරනවා. මම නම් වෘත්තියෙන් කරන්නේ මාගේ යාළුවෙක් එක්ක සි.සි.ටි.වි කැමරා පද්ධති සවි කරන්න ගොලයෙකු ලෙස යන එකයි. 

එකේ වැඩ නැති දවස් වල අහුවෙන ඔනෑම රැකියාවක් කරනවා බිරිඳ ගෘහණියක් අපි හරි දුප්පත් ඉන්නේ පේ‍්‍රමදාස මහත්තයා දුන්න නිවසක මම මෙ පාගමනින් බලාපොරොත්තු වෙනවා නිරෝගි කම කියන්නේ මොකද්ද කියන එක රටට පෙන්විම. මේ වාගේ දේවල් මම කරන්නේ  සෑම දිනකම කරන ව්‍යායාම හා ක‍්‍රීඩා කටයුතු වල නිරත විම නිසා. කොයි තරම් වැස්සත් මම හැම දාම උදේ පාන්දර 4 වෙනකොට රඹූක්කන ආශෝක ක‍්‍රිඩාංගනයට එනවා. නැතිනම් ඒ අසළ මහ පාරේ හරි දුවනවා ඇවිදිනවා ව්‍යායාම කරනවා. උදේ 8 විතර වෙනකම් මම මෙම අභ්‍යාස වල නිරත වෙනවා. 

මෙවැනි දේවල් කරන මට හැමදාම අලූත් දෙයක් කරන්න හිතුණු වාර අනන්තයි. මට රටවල් ගානේ යන්න මට සල්ලි නැති නිසා මම ටිකට් එකක් ගහලා ඇවිදමින් එක විකුණලා සල්ලි හොයා ගෙන රටවල පැවති තරග වලට පවා ගියා." 

උදෑසන රඹුක්කනින් ආරම්භ කරන ලද මෙම ගමන ඔහු යන්නේ තනිවමය. උදෑසන 9 ට පමණ මාවනැල්ල නගරය පසු කර අතර එදින උදෑසන 9.40 පමණ වන විට කඩුගන්නාව නගරය පසු කර තිබුණා. වික‍්‍රමසිංහ පැවසුයේ දහවල් 12 වන්නට පෙර දළදා මාළිගාව වෙත ගමන් කර නැවත පා ගමනින් රඹුක්කන බලා පිටත්ව එන බවයි.

මෙම ඇවිද යෑම සිදු කරන්නේ ඇවිද යෑමේ ජාත්‍යන්තර ක‍්‍රමයටය. ඔහු මේ ගමන යනවිට මහනුවර දක්වා යන අතරවාරයේ කිසිම ස්ථානයක නොනැවතී යාමද විශේෂත්වයකි.