Friday, March 29, 2024

General line - 0115112241

ඝාතනය කළ යාපනයේ දැරිය අවසන් ගමන් යයි - සැකකරු රිමාන්ඩ් (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




යාපනය, සුළිපුරම් හිදී ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ජුලි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මල්ලාකම් ම‍හේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළ බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසනවා.

ඝාතනයට ලක්වු දැරියගේ අවසන් කටයුතු දෙමාපියන්, ගම්වාසීන්ගේ සෝ සුසුම් මැද ඊයේ (26) සවස යාපනය සුළිපුරම් තිරුවෙඩි‍නිලෙයි සුසාන භූමියේදී සිදුකරනු ලැබුවා

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (26) යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු අතර, දැරියගේ ගෙල සිරකොට ඝාතනය කොට ඇති බව එහිදි අනාවරණය වී තිබෙනවා.