Friday, April 19, 2024

General line - 0115112241

ලොව පුරා සිදු කළ නවතම සමීක්ෂණයකින් ක්‍රිකට් ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව පුරා සිදු කළ නවතම සමීක්ෂණයකින් ක‍්‍රිකට් ක්ෂේත‍්‍රය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකිවී තිබෙනවා.

සමීක්ෂණයට අනුව ක‍්‍රිකට් නරඹන පේ‍්‍රක්ෂකයින් සංඛ්‍යාව බිලියනයකට අධිකයි.

ඒ අතරින් මිලියන 300කට වැඩි පිරිසක් ක‍්‍රිකට් තරග නැරඹීම සඳහා ක‍්‍රීඩාංගණවලට පැමිණෙනවා. ඉන් සියයට 39ක් කාන්තාවන් සහ තරුණියන්.

සමීක්ෂණයට අනුව සියයට 92ක් කැමැත්ත පළ කර ඇත්තේ පන්දුවාර 20 ක‍්‍රිකට් තරග සඳහායි. එක්දින තරග සඳහා සියයට 88ක් ද ටෙස්ට් තරග සඳහා සියයට 69ක්ද කැමැත්ත පළ කර තිබෙනවා.

සියයට 87ක් පවසා ඇත්තේ පන්දුවාර 20 ක‍්‍රිකට් තරග, ඔලිම්පික් තරග සඳහා එක්විය යුතු බවටයි. සියයට 95ක පිරිසක් කැමැත්ත පළ කර ඇත්තේ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලි ඇතුළු අයි. සී. සී. තරග ඉසව් සඳහායි.