Saturday, April 20, 2024

General line - 0115112241

ජාතික තුරුණු පොසොන් කළාපය (PHOTOS)

ටී. කේ මහින්ද




ජාතික තුරුණු පොසොන් කළාපය ඉකුත්  27 වැනි දින මහරගම තරුණ සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ආරම්භ වුණා.

එහිදී නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩම කරන ලද සර්වඥ ධාතුන් වහන්සේලා මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා 27 වැනි දින සිට ලබන පළමු වැනි දින දක්වා පෙරවරු 10.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා අවස්ථාව ලැබී තිබෙනවා.

ශ්‍රී සර්වඥ කේෂ ධාතුන් වහන්සේ, සැරියුත් මුගලන් අගසව් දෙනමගේ, සීවලී මහරහතුන් වහන්සේගේ, බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙහිදී වන්දනාමාන කිරීමේ අවස්ථාව සැලසී තිබෙනවා.

පොසොන් තොරණ, දන්සැල්, පොසොන් සැරසිලි, රූකඩ සංදර්ශන හා මව්පිය වන්දනා වැඩ සටහනක් හා ලේ දන්දීමේ වැඩ සටහනක්ද මෙහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. මව්පිය වන්දනා වැඩ සටහන මඩවල ශ්‍රී සුධර්ශනාරාම විහාරස්ථානයේ විහාරවාසී ශාස්ත්‍රවේදී මටුවන්ගල රාහුල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

පොසොන් කලාපය විවෘත කරනු ලැබුවේ තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගේ යන පිරිසගේ ප්‍රධානත්වයෙන්.