Saturday, April 20, 2024

General line - 0115112241

පොසොන් පෝදා ගෝණෙකුගේ දිවි බේරූ පිං කටයුත්ත (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




නුවරඑළිය බඹරකැලේ වතුයායේ ඇළක වැටි සිටි ගෝණෙක් ඉන් ගොඩගෙන රක්ෂිතයට මුදා හැරිමට එම වතු යායේ වතු කම්කරුවන් සහ හග්ගල වනජිවි කාර්යයාලයේ නිලධාරින් කටයුතු කර තිබෙනවා.

අප වාර්තාකරු පවසන්නේ ඊයේ (27) යෙදි තිබු  පොසොන් පොහෝ දිනයේ ගෝනා ඇ‍ළේ සිටිනු දුටු එම වතු යායේ වතු කම්කරුවන් ගෝනාට කිසිදු අනතුරක් සිදු නොකර  ඒ බව නුවරඑළිය පොලිසිය හරහා වනජිවි නිලධාරින් දැනුවත් කිරිමට කටයුතු කර ඇති බවය.

තුවාල සහිතව ඇළේ වැටි සිටි ගෝනාව ඇළෙන් ගොඩ ගෙන වතු කම්කරුවන්ගේ සහය ඇතිව රැගෙනවිත් ප්‍රතිකාරද ලබා දි පිදුරුතලාගල රක්ෂිතයට මුදා හැරිමට වනජිවි නිලධාරින් කටයුතු කර තිබෙනවා. බඹරකැලේ රක්ෂිතයේ සැරිසරන ගෝනුන් විශාල වශයෙන් ආහාර සොයා තේ වතු යායවල් වල සැරිසරන බවයි වනජිවි නිලධාරින් පවසා තිබෙන්නේ.