Friday, April 19, 2024

General line - 0115112241

බ‍්‍රසීලය පිට පිටම 13 වන වරටත් 16 දෙනාගේ වටයට - තවත් රටවල් 3ක ඉරණම විසදෙන තරග අද

කසුන් කැලුම්




ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ පිට පිට 13 වන වරටත් දෙවන වටයට සුදුසුකම් ලබා ගැනීමට නේමාර ද සිල්වා ප‍්‍රමුඛ බ‍්‍රසීලය ඊයේ (27) සමත්වුණා. එ් සර්බියාව ගෝල 2 ට බින්දුවක් ලෙස පරාජය කරමින්.

මේ අතර රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයට සුදුස්සන් තෝරන තවත් තීරණතාමක තරග 4ක් අද (28) පැවැත්වෙනවා. එ් ජී සහ එච් කාණ්ඩ යටතේයි.

එච් කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු සටහනේ ලකුණු 3 බැගින් ලබා පෙරමුණෙ පසුවන්නේ ජපානය සහ සෙනගාලයයි. කොලොම්බියාව ප‍්‍රසාද ලකුණු 3 ක් ලබා එම සටහන් 3 වන ස්ථානයේ පසුවනවා. 16 දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට නම් පෝලන්තය සමග අද පැවැත්වෙන තරගය ජපානයට තීරණාත්මක තරගයක් වනවා. සෙනගාලය සහ කොලොම්බියාව අතර අද පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇති.

එම තරග දෙකම මෙරට වේලාවෙන් රාත‍්‍රී 7 .30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ජී කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු 6 බැගින් ලබා එම සටහනේ පිළිවෙළින් පෙරමුණ පසුවන්නේ එංගලන්තය සහ බෙල්ජියමයි. එම කාණ්ඩයමට ඇතුළත්ව සිටින පැනමාව සහ ටියුනීසියාව මෙතෙක් කිසිදු ප‍්‍රසාද ලකුණක් ලබා ගැනීමට සමත්ව නැහැ. එංගලන්තය , බෙල්ජියම සමගින්ද පැනමාව ටියුනීසියාව සමගින්ද අද තරග වැදීමට නියමිතයි.

එම තරග මෙරට වේලාවෙන් අද රාති‍්‍ර 11.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයේ තරග අදින් අවසන් තරග 16 දෙනාගේ වටය ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි. 16 දෙනාගේ වටය ආරම්භ කරමින් ආර්ජන්ටිනාව , ප‍්‍රංශය සමගින්ද පෘතුගාලය උරුගුවේ කණ්ඩායම සමගින්ද තරග වදිනි ඇති.