Friday, April 19, 2024

General line - 0115112241

තමා මියගිය බවට ප්‍රචාරයකල පුද්ගලයා සොයා දෙන අයෙක්ට සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් ගෙන් මුදල් ත්‍යාගයක් (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තමන්ට හෘදයාබාධයක් වැළදීමෙන් මියගිය බවට ප්‍රචාරය කළ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දෙන්නෙක් හට බ්‍රිතාන්‍ය පවුම් 8000 කට වැඩි තෑගි මුදලක් පිරිනමන බව ආජන්ටිනාවේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා ප්‍රකාශ කරනවා. 

ආර්ජන්ටිනාව සහ නයිජීරියාව අතර පසුගියදා පවතී තීරණාත්මක ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමට පැමිණ සිටි ආජන්ටිනාවේ හිටපු සුපිරි පාපන්දු ශුරයෙක් වන දියාගෝ මැරඩෝනා තරගය අවසාන වීමෙන් පසු ඇතිවූ සංකුලතාවයක් හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් සුපිරි ක්‍රීඩක මැරඩොනා මිය ගිය බවට සදහන් කරමින් ස්පාඤ්ඤ භාෂාවෙන් හඬ පට 02 වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය හරහා නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අවසානයේදී තමන් මියගිය නැති බවට පෙන්වීම සඳහා ඔප්පු කර පෙන්වීම සඳහා දියාගෝ මැරඩෝනා හට මොස්කව් බලා පුද්ගලික ගුවන් යානයකින් පැමිණීමට සිදුව තිබෙනවා.

අවසන් 16 දෙනා අතරට පිවිසීම සඳහා ආජන්ටිනාවට නයිජීරියාව සමග පැවති තරගය ජය ගැනීම අනිවාර්ය වි තිබුනා.

ගෝල 1-1 ක් වශයෙන් සමව සිටියදි ආජන්ටිනාව නොසිතු ලෙස තරගයේ අවසන් වීමට විනාඩි 02 ක් තිබියදී සිය ජයග්‍රාහි ගෝලය වාර්තා කිරීමට සමත් වුනා. ක්‍රීඩාංගනයේ සිට තරගය නරඹමින් සිටි හිටපු සුපිරි ක්‍රීඩක දියාගෝ මැරඩෝනා මෙහිදී ඉතා හැඟීම්බරවූ අතර ඔහුගේ හැසිරීම ලොවපුරා සජිවිවී විකාශනය වුනා.

තරගය අවසානය වීමෙන් පසු ඔහු පුද්ගලයින් දෙදෙනෙකුගේ ආධාරයෙන් ක්‍රීඩාගාරයෙන් පිටව යන අයුරු දක්නට ලැබුනා. මැරඩෝනා කියා සිටියේ තරගය නරඹමින් සිටියදී ලබා දුන් වයින් පානය කිරීම නිසා තමන් අපහසුතාවයට පත්වූ බවයි.