Wednesday, April 24, 2024

General line - 0115112241

ආණ්ඩුව ජනතාව රවටන්න ආර්ථික දත්ත නින්දිත ලෙස වෙනස් කරලා - හිටපු මහ බැංකු අධිපතිගෙන් චෝදනාවක්

සජිත් තිලකරත්න




ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කරන බොහෝ දත්ත විකෘති කළ ඒවා බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසනවා. ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකදීයි. 

"මේ රටේ ආර්ථික දත්තවලට බලපෑම් කරල විකෘත්ති ආර්ථික දත්තයි ආණ්ඩුව ජනතාවට ලබා දෙන්නේ. 2018 වසරේ මුල් කාර්තුවේ සැබෑ ආර්ථික වර්ධන වේගය 2.7යි. නමුත් ආර්ථික වර්ධන වේගය 3.2ක් ලෙස පෙන්වලා තියෙනවා. පසුගිය වසර කිහිපයේම ආර්ථික දත්ත නින්දිත ආකාරයට වෙනස් කරල තියෙන්නේ. මේවා ජනතාව රැවටීම සඳහායි කරන්නේ."

විකෘති කළ ආර්ථික දත්ත ඉදිරිපත් කිරීම රට කෙරෙහි ඇති විශ්වාසය බිඳ හෙලීමක් බවද එමගින් ආයෝජකයින් පවා අධෛර්ය විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.