Thursday, April 25, 2024

General line - 0115112241

දුන් උපදෙස් ක්‍රියාත්මකදැයි බැලීමට ජනපති පැරකුම් සමුදුරේ චාරිකාවක (PHOTOS)




පරාක්‍රම සමුද්‍රය අවට සිදුවන පරිසර දූෂණය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස පසුගියදා එහි නිරික්ෂණ චාරිකාවක නිරතවෙමින් නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) දිනයේද පරාක්‍රම සමුද්‍රය අවට නිරික්ෂණ චාරිකාවක නිරතවෙමින් එම කටයුතු පිළිබද සොයා බැලීය.

එහිදි පරාක්‍රම සමුද්‍රයේ බෝට්ටු සවාරියකට ද එක්වූ ජනාධිපතිතුමා එම ජල පෝෂක ප්‍රදේශවල පරිසර දූෂණය සිදුව ඇත්දැයි සොයා බැලීය.

අනතුරුව ජනාධිපතිතුමා ආරක්ෂක අංශ නිලධාරින්ට උපදෙස් දුන්නේ පොළොන්නරුව හදවත බදු පරාක්‍රම සමුද්‍රය රැක ගැනීම සදහා ඒ අවට සිදුවන සියලූ පරිසර දූෂණයන් වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි.