Wednesday, April 24, 2024

General line - 0115112241

ලිබියාවේ තවත් බෝට්ටු අනතුරක් : 100 කට වැඩි පිරිසක් මරුට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලිබියාවේ මුහුදු කලාපයේදී අනවසර සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්ව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් පිළිබඳව වන සංවිධානය සදහන් කරන්නේ ඊයේ (29) දින සිදුවූ මෙම බෝට්ටු අනතුරින් පුද්ගලයින් 100 කට අධික පිරිසක් මිය යන්නට ඇති බවයි.

බෝට්ටු අනතුරෙන් දිවි බේරා ගත් පුද්ගලයින් 14 දෙනෙක් පමණක් බවයි CNN පුවත් සේවය සඳහන් කරන්නේ. 

මේ අතර එම අනතුරෙන් මියගිය බවට සැකකරන අවුරුදු 05 ට අඩු කුඩා දැරියන් තිදෙනෙකුගේ මල සිරුරු අද වෙරළට ගොඩ ගසා තිබියදී සොයා ගත් බව එරට ආරක්ෂක අංශ සඳහන් කරනවා.

නීතිවිරෝධී අයුරින් මධ්‍යධරණී මුහුදු මාර්ගය ඔස්සේ යුරෝපය බලා යාමට උත්සහකල පුද්ගලයින් 2000 කට අධික පිරිසක් යලි ලිබියාවට රැගෙන ඒමට එරට වෙරළ ආරක්ෂක බලකාය කටයුතු කර තිබුනා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ නීතිවිරෝධී අයුරින් යුරෝපයට පලා ගිය පුද්ගලයින් 10,200 ක් මේ වසර තුලදී යලි ලිබියාවට හරවා එවීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර සරණාගතයින් පිලිබඳ විසදුම් සෙවීම සඳහා යුරෝපීය සංගමයේ රටවල් අතර මේ වන විට සාකච්ජාවක්ද බ්‍රසල්ස් හිදී පැවත්වෙමින් තිබෙනවා.