Saturday, April 20, 2024

General line - 0115112241

රත්තරං හා ආයුධ සොයා ගිය පොලිස් හමුදා පිරිස් හිස් අතින් එයි (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




එල්.ටි.ටි. ඊ සංවිධානය අවසන් යුද සමයේ  පුදුකුඩුඉරිප්පු, ඉරණපාලෙයි හි රත්රන් හා ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ (29) දහවල් පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් කැනීම් සිදුකරනු ලැබුවා. 

පුදුකුඩිඉරිප්පු පොලිසිය වෙත ලද තොරතුරක් මත පොලිසිය විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගන් නියෝගයක් අනුව  කැනීම් සිදුකෙරුණා.

පැය තුනක පමණ කාලයක් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකරනු ලැබුවද ආරක්ෂක අංශ වෙත කිසිදු භාණ්ඩයක් හෝ උපකරණයක් නොලැබිණු අතර කැනීම් කටයුතු නවතා දැමු බවද පොලිසිය පැවසුවා. 

මීට පෙරද අවස්ථා ගණනාවකදී කිලිනොච්චිය හා මුලතිව්හි එල් ටි ටි ඊ සංවිධානය වළ දැමු රත්රන් පවතින බවට ලද තොරතුරු මත ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදුකළද කිසිවක් සොයා ගැනීමට හැකියාවක් නොලැබිණි.

කැනීම් වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා පුදුකුඩිඉරිප්පු යුද හමුදා නිලධාරීන්ද එක්ව සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙ‍යවනවා