Saturday, April 20, 2024

General line - 0115112241

සුපිරි 16 වටය අද ඇරඹෙයි

කසුන් කැලුම්




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් දහසයේ තරග අද (30) ආරම්භ වනවා. ඒ යටතේ පළමුව තරග වදින්නේ ප‍්‍රංශය සහ ආර්ජන්ටිනාවයි. එම තරගය මෙරට වේලාවෙන් රාතී‍්‍ර 7.30 ට ආරම්භවීමට නියමිතයි.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ආර්ජන්ටිනා කණ්ඩායම 5 වන ස්ථානයේ රැඳී සිටිනවා. ප‍්‍රංශයට හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි.

උරුගුවේ සහ පෘතුගාලය අතර තරගයක්ද අද පැවැත්වෙනවා. රාතී‍්‍ර 11.30 ට එම තරගය ආරම්භවීමට නියමිතයි. පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව පෘතුගාලය සිව් වන ස්ථානය හිමිකර ගෙන සිටින අතර උරුගුවේ කණ්ඩායම පසුවන්නේ 14 වන ස්ථානයේයි.