Tuesday, April 23, 2024

General line - 0115112241

අමෙරිකාවට යටත් නොවන බව කැනඩාව කියයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




නව තීරු බදු ප‍්‍රතිපත්තිය හමුවේ අමෙරිකාවට යටත් වීමට සූදානම් නොමැති බව කැනඩාව පවසනවා. විදෙස් වාර්තා පැවසුවේ අමරිකාව විසින් ඇලූමිනියම් සහ වානේ සඳහා පැනවූ නව තීරු බදු සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍යවරයා මේබව ප‍්‍රකාශ කර ඇති බවයි. 

අමරිකාවේ කි‍්‍රයාකලාපය හමුවේ නොසැලී සිටින බවත්, එරට බදු ප‍්‍රතිපත්තියට ඉක්මනින් ප‍්‍රතිචාර දක්වන බවත් කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.