Friday, April 26, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නියෝජිතයා අයි සී සී රැස්විමට අධික්ෂණ මට්ටමින් පමණයි

කසුන් කැළුම්




මෙවර ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ වාර්ෂික රැස්වීමට සහභාගී වන ශී‍්‍ර ලංකා නියෝජිතයා අධික්ෂණ මට්ටමින් පමණක් ඊට සහභාගී කර ගැනීමට එම කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, නිලවරණයකින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහා මෙතෙක් නියෝජිතයින් තෝරා පත් නොවීම හේතුවෙන්. 

මේවනවිට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ කටයුතු සිදු කෙරෙන්නේ නිසි බලධරයෙකු යටතේයි. එහි කටයුතු කි‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි යටතට පවරා ඇති අතර අයර්ලන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ රැස්වීමටද ඔහු මේ දිනවල සහභාගී වී සිටිනවා. 

කෙසේවෙතත් අධික්ෂණ මට්ටමින් පමණක් එම රැස්වීම් සඳහා ඔහුට සහභාගී වීමට සිදුවනු ඇති. නිලවරණයකින් නියෝජිතයින් පත් කිරීමට කල් ගත වීම හේතුවෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයෙන් ලැබෙන මුදල්ද ශී‍්‍ර ලංකාවට අහිමි වීමේ අවදානමක් මතුව ඇති බවද මීට පෙර වාර්තා පළ වුණා. 

මිට පෙරද අතුරු කමිටු පත් කිරීම හේතුවෙන් ශී‍්‍ර ලංකාව මෙවැනිම තත්ත්වයකට මුහුණ දී තිබුණා.