Thursday, March 28, 2024

General line - 0115112241

ගුවන් ගත වූ රොකට්ටුව මොහොතකින් පොළවට වැටී පුපුරායයි - සියල්ල පටිගත වෙයි (VIDEO)




රොකට්ටුවක් ගුවන් ගත වී මොහොතකින් යළි පොළවට කඩා වැටී තිබෙනවා. 

ජපානයේ පෞද්ගලික ආයතනයක් මැදිහත් වී නිර්මාණය කළ මෙම කුඩා ප්‍රමාණයේ රොකට්ටුව ගුවන්ගත කෙරුණු අතර පසුව එය යළි පොළවට කඩා වැටී පුපුරා යන ආකාරය කැමරාවල සටහන්ව තිබෙනවා.

" MOMO-2" යන නමින් අඩි 33ක් දිග මෙම රොකට්ටුව නම් කර තිබුණු බව ජපාන පුවත් සේවා වාර්තා කරනවා.

මෙම සමාගමේ ව්‍යාපෘතිය වන්නේ තොරතුරු තාක්ෂණ කටයුතු සඳහා අඩු වියදම් සහ සැහැල්ලු රොකට් නිපදවා ගුවන් ගත කරවීමයි.