Saturday, April 20, 2024

General line - 0115112241

ආජන්ටිනාවේ සහ පෘතුගාලයේ බලාපොරොත්තු බිඳ වැටුණු හැටි

කසුන් කැළුම් - අන්තර්ජාලය ඇසුරෙන්




මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පිළිබඳව ලියෝනල් මෙසී ප‍්‍රමුඛ ආජන්ටිනාව සහ කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ ප‍්‍රමුඛ පෘතුගාලය තැබූ බලාපොරොත්තු බිඳ වැටුණා.

16 දෙනාගේ වටයේ පළමු තරගයේදී ආජන්ටිනාව ගෝල 04 ට 03ක් ලෙස පරාජය කළ ප‍්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. තරගයේ පළමු අර්ධයේ 13වන මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කර ගත් ප‍්‍රංශය ගෝලයක් වාර්තා කරමින් ආජන්ටිනාවට දැඩි පීඩනයක් එල්ල කළා. 

පළමු අර්ධයේ 41වන මිනිත්තුවේදී ඩී. මරීයා ආජන්ටිනාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට සමත්වුණා. ඒ අනුව මෙම තරගයේ පළමු අර්ධය නිමාවුයේ 01 ට 01 ක් ලෙස සම තත්ත්වයෙන්. දෙවන අර්ධයේ 48වන මිනිත්තුවේදී ආජන්ටිනාව තවත් ගෝලයක් වාර්තා කරමින් ගෝල 02 ට 01ක් ලෙස තරගයේ පෙරමුණ ගත්තා.  එම පීඩනය මැද යළිත් තරගයට අවතීර්ණ වූ ප‍්‍රංශ කි‍්‍රඩකයින් 57 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කරමින් තරගය සම තත්වයට රැගෙන ආවා. අනතුරුව 64 සහ 68 වන මිනිත්තුවලදී ගෝල ද්විත්වයක් වාර්තා කරමින් ගෝල 4ට 2ක් ලෙස ප‍්‍රංශය ප‍්‍රබල ස්ථානයකට රැගෙන ආවා. තරගයේ අතිරේක කාලයේදී ආර්ජන්ටිනාව ගෝලයක් වාර්තා කළද එය තරගයේ ජය ගැනීමට තරම් ප‍්‍රමාණවත් වූයේ නැහැ. එ් අනුව මෙම තරගය ගෝල 4 ට 3ක් ලෙස ප‍්‍රංශය ජය ගත්තා.

මේ අතර 16 දෙනාගේ වටයේ පෘතුගාලය සහ උගුරුවේ කණ්ඩායම අතර තරගය අද අලූයම නිමාවට පත් වුණේ රුසියාවේ සෝචි නුවරදීයි. එම තරගය ගෝල 2ට එකක් ලෙස ජයගත් උරුගුවේ කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.