Saturday, April 20, 2024

General line - 0115112241

ලොව හොඳම ටෙස්ට් පන්දු යැවීම් අතර මුරලි අංක 05ට

තරංග රුක්ෂාන් ජයසේකර




එදා මෙදා තුර කි‍්‍රකට් පිටියේ වාර්තා වූ හොඳම ටෙස්ට් පන්දු යැවීම් 25 අතරට ශී‍්‍ර ලංකාවේ මුත්තයියා මුරලිදරන්ගේ නමද එක්වී තිබෙනවා. ඒ 2006 වසරේදී එංගලන්තයට එරෙහිව ලකුණු 70කට කඩුළු 08ක් බිඳ හෙළු දක්ෂතාව සැලකිල්ලට ගනිමින්.

මුරලිගේ මෙම විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් ශී‍්‍ර ලංකාවට මෙම තරගයෙන් ලකුණු 134ක ජයක් හිමිවුණා. එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන්නේ ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු 52කට කඩුළු 09ක් බිඳ හෙලූ නවසීලන්තයේ රිචඞ් හැඞ්ලි. ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු 15කට කඩුළු 08ක් බිඳ හෙලූ එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඞ් එම සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා.