Tuesday, April 23, 2024

General line - 0115112241

රුසියාව සමග ස්පාඤ්ඤය ගැටෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




මෙවර පාපන්දු ලෝක කුසලානයේ වැඩිම පේ‍්‍රක්ෂක සහභාගීත්වයක් සිදු වනු ඇතැයි සැලකෙන තීරණාත්මක තරගයක් අද (01) පැවැත්වෙනවා. ඒ, සත්කාරක රුසියාව සහ ස්පාඤ්ඤය අතරයි. රුසියානු කණ්ඩායමේ දක්ෂතා මෙවර කැපී පෙනෙන මට්ටමක තිබුණද වැඩි වාසි ඇත්තේ ස්පාඤ්ඤ කණ්ඩායම සතුව බවයි පාපන්දු විචාරකයින් පවසන්නේ. තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 7: 30ට ආරම්භ වනවා. 

කොස්ටරිකා කණ්ඩායම සහ ඩෙන්මාර්කය අතර 16 දෙනාගේ වටයේ තවත් තීරණාත්මක තරගයක් ද අද පැවැත්වෙනවා. ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 11:30ට තරගය ආරම්භ වනු ඇති.