Saturday, April 20, 2024

General line - 0115112241

මිත්‍යා ඇදහිල්ලක් නිසා එකම පවුලේ 11 දෙනෙක් සියදිවි හානිකර ගනියි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අසල්වැසියන් ගෙන් ලද තොරතුරු මත ඉන්දියාවේ, උතුරු දිල්ලි හි පිහිටි නිවසක මිය ගොස් සිටි පුද්ගලයින් 11 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට එරට පොලිසිය සමත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ එකම පවුලේ පිරිසක් බවයි පොලිසිය සඳහන් කරන්නේ. මිය ගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්, කාන්තාවන් 7 දෙනෙක් සහ තරුණියන් දෙදෙනෙක් සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ. 

එලෙස මිය ගොස් සිටි පුද්ගලයින් 11 දෙනාගෙන් 10 දෙනෙක්ම මියගොස් ඇත්තේ ගෙල වැලලාගෙනය. අවුරුදු 70 ක් පමණ වයසැති කාන්තාවක් පමණක් ඇදක් මත මිය ගොස් සිටියදී හමුවී තිබෙන බවයි NDTV පුවත් සේවය සඳහන් කරන්නේ. ගෙල වැලලාගෙන මියගොස් සිටි 10 දෙනාගේ ඇස් සහ මුඛ්‍ය වැසි යන අයුරින් කපු රෙදි වලින් වසාගෙන සිටි බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

මෙම මරණයන්ට හේතුව මිත්‍යා අදිහිල්ලක් නිසා සිදු කර ගනු ලැබූ සියදිවි හානිකර ගැනීමක් ලෙසට පොලිසිය සැකපළ කරනවා. මියගිය පුද්ගලයින් විසින් කලක් පුරා ලියන ලද බවට සැකකරන ලියවිලි කිහිපයක් පොලිස් විමර්ෂණ කණ්ඩායමට හමුවී ඇති අතර එහි සටහන් වී ඇත්තේ " මිනිස් ශරීරය තාවකාලිකයි. අපගේ ඇස් සහ මුඛ්‍ය වසා ගැනීමෙන් අපිට භිතිය ජය ගැනීමට හැකියි" යනුවෙන්.

මුලින්ම මෙම මරණයන් ඝාතනයන් වන්නට ඇතැයි සැක කර තිබු බවත් කෙසේ හෝ පවතින සාක්ෂි මත ඉදිරි විමර්ෂණ කටයුතු සිදුකරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.