Thursday, April 18, 2024

General line - 0115112241

දක්ෂතාවය මෙන්ම වාසනාවත් රැගෙන පැමිණි ක්‍රොඒෂියාවෙන් ජය උදුරා ගැනීමට නොහැකි වෙයි (VIDEO)

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මෙවර පාපන්දු ලෝක කුසලානයේ පැවති වඩාත් තියුණුම තරග දෙක ඊයේ (01) නිම කරමින් සත්කාරක රුසියාව සහ ක්‍රොඒෂියා යන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

ඒ, ප‍්‍රබල ස්පාඤ්ඤය සහ ඩෙන්මාර්කය පරාජයට පත් කරමින්.

මෙම තරග දෙකේම ජය තීරණය කෙරුණේ දඬුවම් පහර මගින් වීමද විශේෂත්වයක්.

ක්‍රොඒෂියා  කණ්ඩායම සහ ඩෙන්මාර්කය අතර පැවතියේ ද ඉතා තියුණු තරගයක්. තරගයේ සම්පූර්ණ කාලය නිමාවූයේ ගෝල එකට එකක් ලෙසයි. පසුව ලබාදුන් අතිරේක කාලයේ ද කිසිඳු කණ්ඩායමකට ගෝල රැස්කර ගැනීමට හැකි වුයේ නැහැ.

එම තරගයේ ද ජය තීරණය කෙරුණේ දඬුවම් පහර මගින්. ඒ අනුව දඬුවම් පහර 03ක් සාර්ථක කර ගැනීමට ක්‍රෝඒෂියා කණ්ඩායම සමත් වු අතර ඩෙන්මාර්ක් කණ්ඩායමට සාර්ථක කරගත හැකි වූයේ දඬුවම් පහර 02ක් පමණයි.

ඒ අනුව ඉතිහාසයේ දෙවන වරට ක්‍රෝඒෂියාව ද ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

මේ අතර පාපන්දු ලෝක කුසාලනයේ තවත් තීරණාත්මක තරග දෙකක් අද පැවැත්වෙනවා. එක් තරගයකදී බ‍්‍රසීලය සහ මෙක්සිකෝව මුණ ගැසෙන අතර අනෙක් තරගය පැවැත්වෙන්නේ බෙල්ජියම සහ ජපානය අතරයි.

(ක්‍රොඒෂියා කණ්ඩායම සහ ඩෙන්මාර්කය අතර පැවති ඉතා තියුණු තරගයේ විශේෂ අවස්ථා මෙතැනින් නරඹන්න)