Friday, April 26, 2024

General line - 0115112241

අමිහිරි පරාජය සමගින් ස්පාඤ්ඤ සුපිරි ක්‍රීඩකයාත් තීරණයක් ගනී (VIDEO)

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




රුසියාව හමුවේ ලද අමිහිරි පරාජයෙන් පසුව ස්පාඤ්ඤ කණ්ඩායමේ සුපිරි පාපන්දු ක‍්‍රීඩක ඇන්ඞ්රේස් ඉනියස්ටර් ජාත්‍යන්තර ක‍්‍රීඩා පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

2010 වසරේ පැවති පාපන්දු ලෝක කුසලානයේ ශූරතාව ස්පාඤ්ඤයට ගෙන ඒම සඳහා එල්ල කළ එකම ගෝලය වාර්තා කළේ ඔහු විසින්.

2006 වසරේ සිට අඛණ්ඩව වසර 12ක් පාපන්දු පිටියේ නමක් දිනාගෙන සිටින ස්පාඤ්ඤයේ ඇන්ඞ්රේස් ඉනියස්ටර් ඊයේ (01) සහභාගී වූ අවසන් තරගයේදී ද තමන්ට ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගනිමින් කණ්ඩායමට ගෝලයක් ලබාදුන්නා.

එහෙත් පාපන්දු ලෝක කුසලානයේ ඊයේ පැවති දහසය දෙනාගේ වටයේ තීරණාත්මක තරගයෙන් රුසියාව හමුවේ පරාජය වීමත් සමග ස්පාඤ්ඤයට සිදු වූයේ මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමටයි.

2008 සහ 2012දී යුරෝපියානු පාපන්දු ශූරතාව ස්පාඤ්ඤයට දිනා දීමට ද ඇන්ඞ්රේස් ඉනියස්ටර් කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන්නා. 

(වීඩියෝව මෙතැනින්)