Friday, April 19, 2024

General line - 0115112241

මත්ද්‍රවය ජාවාරම්කරුවන්ට එරෙහිවූ නගරාධිපතිවරයාට ස්නයිපර් වෙඩි ප්‍රහාරයක් (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පිලිපීනයේ මත්ද්‍රවය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් මතභේදාත්මක පිළිවෙතක් අනුගමනය කළ පිලිපීනයේ කුප්‍රකට නගරාධිපතිවරයෙක්ට ප්‍රසිද්ධ රැස්වීමක් අතරවාරයේදී ස්නයිපර් තුවක්කුකරුවෙක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

පිලිපීනයේ ටානුවාන් හි නගරාධිපති ඇන්ටෝනියෝ හාලිලී එරට නගර ශාලාවේ උත්සවයක ජාතික ධජය එසවීම සඳහා සුදානමින් සිටි අවස්ථාවේදී මෙලෙස අවාසනාවන්ත ලෙස ස්නයිපර් වෙඩි ප්‍රහාරයට ලක්වූ බව CNN පුවත් සේවය වර්තාකරනවා.

එම අවස්ථාවට සහභාගිවූ පුද්ගලයෙක් විසින් සිදුකළ නගරාධිපතිවරයා සහභාගිවූ එම උත්සවය "ෆේස්බුක් ලයිව්" තාක්ෂණය ඔස්සේ ප්‍රචාරය කරමින් සිට ඇති අතර එහිදී ජාතික ගීය වාදනය වෙමින් පවතින අවස්ථාවේදී එක් වෙඩි ප්‍රහාරයක් එල්ල වන ශබ්දය සහ ඒ සමග කලබලයට පත්වූ පුද්ගලයින් ගේ කෑ ගැසීමේ ශබ්දය ඇසෙන අයුරු සටහන්ව තිබෙනවා.

සමාජ විරෝධී ක්‍රියාකාරීන්ට එරෙහි දැඩි ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ මෙම නගරාධිපතිවරයාට එරෙහිව මරණ තර්ජන එල්ලවී තිබු බවයි පිලිපීන මාධ්‍ය වාර්තා කරන්නේ.