Friday, March 29, 2024

General line - 0115112241

ඔස්ටේ‍්‍රලියාවට පන්දුවාර 20 කි‍්‍රකට් ජයක්

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




සිම්බාබ්වේහි පැවැත්වෙන තුන්කොන් පන්දුවර 20 කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අද (02) සමත්වුණා. ඒ, පකිස්තාන කණ්ඩායම කඩුළු 09කින් පරාජය කරමින්. 

හරාරේ හි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තානු කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 116ක් රැස් කළා. ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවාර 10.5ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා. නායක එරොන් ෆින්ච් පන්දු 33කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 68ක්. මෙම තුන්කොන් පන්දු වාර 20 කි‍්‍රකට් තරගාවලියේ  මීළඟ තරගය සිම්බාබ්වේ සහ ඔස්ටේ‍්‍රලියාව අතර හෙට (03) පැවැත්වීමට නියමිතයි.