Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකාවේ වයස්ගතම පුද්ගලයාගේ බැංකු ගිණුමට හොරු විදියි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ වයස්ගතම පුද්ගයා ලෙස සැලකෙන රිචඞ් ඔවර්ටන්ගේ පෞද්ගලික බැංකු ගිණුමෙන් මුදල් සොරා ගැනීමේ සිද්ධියක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. එම වාර්තාවන්හි දැක්වෙන්නේ ඔහුගේ බැංකු ගිණුම් අංකය භාවිත කර පසුගිය මාස කිහිපය තුළ අවස්ථා 07කදී මෙලෙස විටින් විට මුදල් ලබා ගෙන ඇති බවයි. 

එම මුදල කොපමණද යන්න රිවඞ් ඔවර්ටන්ගේ පවුලේ සාමාජිකයින් මෙතෙක් අනාවරණ කර නැහැ. එහෙත් කිසියම් පුද්ගලයෙකු අදාළ බැංකු ගිණූමෙන් විශාල මුදල් ප‍්‍රමාණයක් ලබා ගෙන ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

මේවනවිට පළවන වාර්තාවලට අනුව එලෙස ලබා ගත් මුදල් වලින් ඉතුරුම් බැඳුම්කර මිලදී ගෙන ඇති බව බලධාරීන් පවසනවා. 2 වන ලෝක යුද සමයේ අමරිකාව වෙනුවෙන් සටන්වැදි යුද විරුවෙකු ලෙසටයි අමෙරිකාවේ වයස්ගතම පුද්ගයා වන රිචඞ් ඔවර්ටන් සැලකෙන්නේ. ඒ අනුව විවිධ අරමුදල් හරහා ඔහු වෙත ලැබුණු පරිත්‍යාගයන්ද එම බැංකු ගිණුමේ තැන්පත් කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.