Saturday, April 20, 2024

General line - 0115112241

බ්‍රසීලය අර්ධ අවසන් පුර්ව වටයට (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ




පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට බ්‍රසීලය ඊයේ (02) සමත් වුනා. ඒ බ්‍රසීලය සහ මෙක්සිකෝව අතර පවතී තරගය ගෝල 2-0 ක් වශයෙන් වශෙයන් ජය ගැනීමෙන්.

බ්‍රසීලය සහ මෙක්සිකෝව අතර පැවති තරගයේදී පළමු මිනිත්තු 15 ක කාලය තරගය තම අණසකට යටත් කර ගැනීමට මෙක්සිකානු ක්‍රීඩකයින් සමත් වුනා. නමුත් ක්‍රමයෙන් සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වූ බ්‍රසීල ක්‍රීඩකයින් මෙක්සිකානුවන්ගේ දැල දෙවරක් ආක්‍රමණය කිරීමට සමත් වුනා. මෙහිදී බ්‍රසීල කණ්ඩායමේ නායක නෙයිමාර් සහ අතිරේක ක්‍රීඩක රොබෙර්ටෝ ෆර්මිනෝ සමත් වුනා. ලෝක කුසලාන තරගයක නෙයිමාර් විසින් වාර්තා කල 06 වන ගෝලය ලෙස මෙය විය. 

මේ අතර ලෝක ශුරතා පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබා ගැනීමේ වාර්තාවට හිමිකම් කි ජර්මනිය පසුකරමින් එය තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට බ්‍රසීලය ඊයේ සමත් වුනා. ඒ ගෝල 227 ක් ලෙසින්.


තරගයේ විශේෂ අවස්ථාවන්