Friday, March 29, 2024

General line - 0115112241

‘‘දේශද්‍රෝහියා’’ චෝදනාවට මුරලිගෙන් පිළිතුරු




ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ දඟපන්දු පුහුණු උපදේශකවරයා ලෙස කටයුතු කිරීම හේතුවෙන් මතභේදයට ලක්ව සිටින මුත්තයියා මුරලිදරන් අද (25) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූවා.

ඔහු කියා සිිටියේ තමන් මෙම රැකියාව භාර ගත්තේ පන්දුව දමා ගසන බවට තමන්ට එල්ල වූ චෝදනාවලට තමන් නිවැරැදිකරු යැයි ලෝකය හමුවේ නැවත ඔප්පු කිරීමට බවයි. තමාට පන්දු යැවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් සියලුමදෙනා තමා වෙනුවෙන් දුන් සහයෝගය කිසිදා අමතක කළ නොහැකි බවත් ඔහු පැවසුවා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

දේශද්‍රෝහියෙකු බවට තමන්ට කෙරෙන චෝදනාවලටද මුත්තයියා මුරලිදරන් මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා. තමාට දේශද්‍රෝහියා යනුවෙන් පවසන අය රටට කර ඇත්තේ කුමක්දැයි යනුවෙන්ද ඔහු විමසා සිටියා.

(එම හඬපටය පහතින් අහන්න)

ශ‍්‍රී ලංකා සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග 03 කින් යුත් ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය හෙට (26) ආරම්භ වනවා. මෙම තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.