Friday, March 29, 2024

General line - 0115112241

එරෝන් ෆින්ච් ගෙන් ලෝක වාර්තාවක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




විස්සයි 20 තරගයකදී පිතිකරුවෙක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව යලි තමන් සතු කර ගැනීමට ඕස්ට්‍රේලියාවේ ආරම්භක පිතිකරු එරෝන් ෆින්ච් සමත් වුනා. ඒ සිම්බාබ්වේ පිල සමග හරාරේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ අද (03) පැවති තරගයේදී.

කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ නායකයාගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදීමට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 2ක් දැවී ලකුණු 229ක් රැස් කිරීමට සමත් වුනා.

මෙහිදී ඕස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු එරෝන් ෆින්ච් පන්දු 76 ක් තුලදී ලකුණු 172ක් රැස් කිරීමට සමත් වුනා. ඔහුගේ ඉණිමට හයේ පහරවල් 10 ක් සහ 4 පහරවල් 16 ක් අන්තර්ගත වුනා. එය විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා. 

මිට පෙර එම වාර්තාවට හිමිකම් කීවේද එරෝන් ෆින්ච් වන අතර 2013 වර්ෂයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු 63 කදී ලකුණු 156 ක් රැස් කිරීමට ඔහු සමත් වුනා.