Saturday, April 20, 2024

General line - 0115112241

මැලේසියානු හිටපු අගමැති අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක් අද (03) එරට දුෂණ විරෝධී කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මැලේසියානු සංවර්ධන අරමුදල් ගිණුමේ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන්.

මැලේසියානු සංවර්ධන අරමුදල විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ එම ගිණුමේ මුදල් වලින් අමෙරිකානු ඩොලර් මිලියන 700 ක් පමණ හිටපු අගමැතිවරයා විසින් වංචා කර ඇති බවයි.

පසුගිය මහ මැතිවරණයේදී අනපේක්ෂිත පරාජයකට උරුමකම් කි හිටපු අගමැති  නජිබ් රසාක්ගේ අයථා කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම ඉන් ආනතුරුව ආරම්භ වුනා.

අත්අඩංගුවට ගනු ලැබූ හිටපු මැලේසියානු අගමැතිවරයාට එරෙහි හෙට (05)මහාධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතයි.