Thursday, April 25, 2024

General line - 0115112241

ප්‍රතිවාදීන් මවිත කළ දැල් රකින්නා (VIDEO)

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ එංගලන්ත කණ්ඩායමේ දැල් රකින්නා වන ජෝර්දන් ෆික්ෆෝර්ඞ් ඉතිහාසයට එක්වී තිබෙනවා.

ඒ, දඬුවම් පහර අවස්ථාවේ කොලොම්බියාවේ ජය වළක්වමින් ගෝලය නතර කිරිමත් සමගයි.

එංගලන්ත දැල් රකින්නෙකු එවැනි දස්කමක් දක්වා ඇත්තේ 1998 වසරෙන් පසු පළමු වරට වීමද විශේෂත්වයක්.

දඬුවම් පහර අවස්ථාවේදී ගෝල 04 ට 03ක් ලෙස කොලොම්බියාව පරාජය කළ එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. ඔවුන් එවැනි දස්කමක් දැක්වූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

(වීඩියෝව මෙතැනින්)