Thursday, April 25, 2024

General line - 0115112241

හිටපු අගමැතිට චෝදනා රැසක්! වැරදිකරු වුණොත් 20 වසරක් හිරේ

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මලයාසියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක්ට එරෙහිව එරට අධිකරණය මගින් චෝදනා ගොනු කර තිබෙනවා. ඒ අතරට බලය අයුතු ලෙස භාවිතා කිරීමට එරෙහි චෝදනා 03ක් අයත්. ඊට අමතරව රාජ්‍ය අරමුදලක තිබූ මුදල් වලින් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් සිය පෞද්ගලික බැංකු ගිණුමකට බැර වීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා. එහෙත් මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි නජීබ් රසාක් පැවසුවේ.

මලයාසියාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් ජනාධිපති නජිබ් රසාක් ඊයේ (03) අත්අඩංගුවට ගැනුණා. ඊයේ රාති‍්‍රය පුරා ඔහු එම නිලධාරීන් භාරයේ සිටි බවයි එරට මාධ්‍ය පැවසුවේ. තමන්ට එල්ල වී ඇති චෝදනා වලට එරෙහිව පෙනී සිටීමට කිසිඳු අවස්ථාවක් නොමැති බවත් එම චෝදනා පිළිනොගන්නා ලෙසත් නජීබ් රසාක් මලයාසියානු වැසියන්ගෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නජීබ් රසාක් වරදකරු වුවහොත් ඔහුට වසර 20ක පමණ සිර දඬුවමක් හිමිවනු ඇති. එසේ නොවුනහොත් ගෙවීමට සිදුවන ඇප මුදල  අමෙරිකානු ඩොලර් දෙලක්ෂ පනස් දහසක්.