Tuesday, April 23, 2024

General line - 0115112241

ණය ගැන කතා කරද්දි නිතරම ඇහෙන මොකක්ද මේ ‘‘ක්‍රිබ්‘‘...? මූල්‍ය ගණුදෙනු වල්‍දී මේ දේවල් ගැනත් දැනගන්න...!




ණය ගන්න ගියාම වගේම මූල්‍ය ක්ෂේත්‍රය ගැන කතා බහ කරද්දි ක්‍රිබ් (Crib) කියන වචනය නිතර අසන්නට ලැබෙනවා. මූල්‍ය ක්ෂේත්‍රයත් එක්ක නිරන්තරයෙන්ම ගැවසෙන අයටනම් Crib කියන වචනය අලුත් වචනයක් නොවෙන්න පුළුවන්. ඒ වගේම ගමේ ගොඩේ ඉන්න අයත් සමහර විට බැංකුවකින් ණයක් ගන්න ගියාම වගේ දේවල් වලදි Crib කියන වචනය ගැන දැනගන්න වෙනවා.

කොහොම වුනත් දන්න නොදන්න හැම දෙනාම වෙනුවෙන් Crib කියලා කියන්නෙ මොකක්ද කියලා සහ මේකෙන් වෙන්නෙ මොකක්ද කියන එක ගැන ඔබට කියන්න අපි හිතුවා. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය, එහෙමත් නැත්තම් ‘‘Credit Information Bureau of Sri Lanka’’ කියන එකේ මුල් අකුරු එකතු වෙලා තමයි Crib කියන වචනය හැදිලා තියෙන්නෙ.

රාජ්‍ය හා පෞද්ගලික කියන අංශ දෙකේම සාමූහික සහභාගීත්වයෙන් පිහි‍ටුවලා තියෙන ණය තොරතුරු කාර්යාංශයේ හිමිකාරත්වය ශ්‍රී ලංකා මහ බැංකුව, ලියාපදිංචි වාණිජ බැංකු, ලියාපදිංචි විශේෂ බැංකු, ලියාපදිංචි මූල්‍ය සහ ලීසිං සමාගම් විසින් දරණවා. ඒ නිසා ඔබ මූල්‍ය සමාගමකින් ණය මුදලක් ලබා ගැනීමෙන් පසු එම ණය මුදල ගෙවීම පැහැර හැරියහොත් ඒ සම්බන්ධ තොරතුරු Crib එකට ඇතුලත් වෙනවා.

එවැනි අවස්ථාවකදී ඔබ යම්කිසි මුල්‍ය ආයතනයක් මගින් ණය මුදලක් ලබා ගැනීමට යන අවස්ථාවකදී ඔබගේ තොරතුරු Crib එකෙහි ඇතුලත්ව ඇති නිසා ඔබ අපහසුතාවයට පත්වන්න පුළුවන්.විශේෂයෙන්ම ක්‍රෙඩිට් කාඩ් හරහා මුදල් වියදම් කර එම මුදල් ගෙවීම පැහැර හරින අවස්ථාවකදී වුනත් එම තොරතුරු Crib එකට ඇතුලත් වන නිසා ඔබට එම මුදල් ගෙවන තුරු නැවත වෙනත් මූල්‍ය ආයතනයකින් පවා ක්‍රෙඩිට් කාඩ් පතක් ඉල්ලුම් කිරීමට හෝ බැංකු ණයක් ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

Crib එකට තමන්ගේ නම ඇතුල් වුනොත් මොකක්ද වෙන්නෙ කියන එකත් දැනගෙන ඉන්න ඕන කාරණාවක්.සරලවම බැලුවොත් නිවැරදිව ණය නොගෙවීම නිසා ඔබගේ නම ක්‍රිබ් එකේ  බ්ලැක් ලිස්ට් වෙනවා. විශේෂයෙන්ම Crib එක කියලා කියන්නෙ ණය සහ ණය ගෙවීමේ හැකියාව සම්බන්ධ තොරතුරු ඇතුළත් දර්ශකයක් මිසක ණය පැහැර හැරීම වෙනුවෙන් දඬුවම් ලබා දෙන ආයතනයක් නොවන වග මතක තබා ගැනීම වැදගත්.

කොහොම වුනත් යම් විදියකින් ඔබගේ නම Crib එකට ඇතුලත් වීම නිසා ණයක් ලබා ගැනීමට හෝ ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් ඔබගේ නම Crib ලේඛණයෙන් නිදහස් නම්  ඔබට ජාත්‍යන්තරය පිළිගත් ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීමේ හැකියාව HSBC වෙතින් උදාකරලා දීලා තියෙනවා. HSBC ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගන්නා ඔබට සුවිශේෂී වූ වට්ටම් රැසක් හිමිකර ගැනීමේ අවස්ථාව හිමිවෙනවා වගේම ඔබට වියදම් කරන්න වියදම් කරන්න ඔබට සල්ලි ලබා දෙන HSBC ක්‍රෙඩිට් කාඩ්පත නිසා හිතේ හැටියට වට්ටම් වාසි රැසක් අත් විඳිමින් ගණුදෙණු කරන්නත් පුළුවන්.