Saturday, April 20, 2024

General line - 0115112241

ජනප්‍රිය බොලිවුඩ් නිළියකට පිළිකාවක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




 බලාපොරොත්තු නොවූ මොහොතක තමන් පිළිකා රෝගයකට ගොදුරුවී ඇති බව ජනප්‍රිය බොලිවුඩ් නිලි සොනාලි බෙන්ඩ්රේ සිය රසිකයින් වෙත ට්ව්ට්ර් හා ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල හරහා පණිවිඩයක් තබමින් දන්වා තිබෙනවා.

තමන් මේ වන විටත් පිළිකා රෝගය සඳහා අමෙරිකාවේ නිව් යෝර්ක් හිදී ප්‍රතිකාර ලබා ගැනීම අරඹා ඇති බවද ඇය සිය නිවේදනයෙන් දන්වා තිබෙනවා. මෙවැනි අවස්ථාවලදී කරන්නට තිබෙන්නේ ඉක්මනින් අවශ්‍ය හොදම දේ කරන්නයි, බලාපොරොත්තු නොවූ මේ අවස්ථාවේදී මගේ පවුලේ අය හා ලගම හිතවතුන් මගේ ලඟට වී ඉන්නවා. ඇත්තටම මට ඒකයි අවශ්‍යම දේ .. ඇය සමාජ මාධ්‍ය ජාල හරහා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

1994 වසරේදී ඉන්දියානු සිනමාවට පිවිසි සොනාලි බෙන්ඩ්රේ ගේ පළමු චිත්‍රපටය වුයේ Aag වන අතර එම චිත්‍රපටය වෙනුවෙන් ඇයට හොදම නවක නිළිය සඳහා වන ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමිවිය. 

මිට අමතරව අමීර් ඛාන් සමග Sarfarosh, අමිතාබ් බච්චන් සහ අජේ දේව්ගන් සමග Major Saab, ෂාරුක් ඛාන් සමග  Duplicate සහ Kal Ho Naa Ho ඇතුළු චිත්‍රපට රැසකට සොනාලි බෙන්ඩ්රේ සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා. 

හින්දි සිනමාවට අමතරව දමිල, තෙලිඟු චිත්‍රපට රාශියකද සොනාලි බෙන්ඩ්රේ රඟපා ඇති අතර 2004 වසරේදී සිය පළමු දරුවා බිහිකිරීමෙන් අනතුරුව චිත්‍රපට රංගනයෙන් තාවකාලිකව ඉවත් වුනා.