Thursday, March 28, 2024

General line - 0115112241

පාරමී සහ ඩිලාන් යොවුන් ඔලිම්පික් සටනට

කසුන් කැළුම්




ආර්ජන්ටිනාවේ පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට ශි‍්‍ර ලංකාවේ පාරමී වසන්ති කී‍්‍රඩිකාව සමත්ව තිබෙනවා. 

එ්, තායිලන්තයේ පැවති යොවුන් ඔලිම්පික් උළෙලට ආසියානු සුදුස්සන් තේරීමේ තරගාවලියේදී මීටර් 2000 බාධක දිවීමේ බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්.

ඇය දැක්වූ දක්ෂතාව මිනිත්තු 6.35.20ක්. එම ඉසව්වේ මෙම වසරේ සිටින අංක එකේ කී‍්‍රඩිකාව බවට පාරමී වසන්ති මෙහිදී පත්වුණා. ප‍්‍රංශ කී‍්‍රඩිකාවක් මීට පෙර පෙරමුණ ගෙන සිටි අතර එම වාර්තාව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යාවක වන පාරමී වසන්ති බිද දැමීම කැපී පෙනුනා. පාරමී වසන්ති නිමා වූ ආසියානු කනිෂ්ඨ මළල කී‍්‍රඩා තරගාවලියේදී මීටර් 3000 බාලිකා ඉසව්වේ රන් පදක්කමද ශී‍්‍ර ලංකාවට දිනා දුන්නා. 

යොවුන් ඔලිම්පික් උළෙලට සුදුස්සන් තේරීමේ තරගාවලියේ මීටර් 2000 බාලිකා බාධක දිවීමේ ඉසව්වේ රන් පදක්කම පාරමී වසන්ති දිනා ගන්නා අතරේ එහි ලෝකඩ පදක්කම හිමි වූයේ ද ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවකටයි. අශ්මිතා හේරත් ශී‍්‍ර ලංකාවට එම ලෝකඩ පදක්කම දිනා දුන් අතර ඇයද කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ සිසුවියක්.

මේ අතර ඊයේ (04) පැවති යොවුන් ඔලිම්පික් උළෙලට සුදුස්සන් තේරීමේ තරගාවලියේදී මීටර් 400 බාලක ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ඩිලාන් බෝයගොඩද යොවුන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගත්තා.එ්, තත්පර 48.58ක දක්ෂතාවක් වාර්තා කරමින්. 

යොවුන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙල ලබන ඔක්තෝබර් මස 06 වැනිදා ආර්ජන්ටිනාවේදී ආරම්භවීමට නියමිතයි.