Wednesday, April 24, 2024

General line - 0115112241

කුඹුරේ බැන්ද දෙනුන් ඇළ ළඟදී මස් කරලා (PHOTOS)




දඹුල්ල, බකමුණ ප්‍රධාන මාර්ගයේ උණපඳුරුයාය, කලුන්දාව ප්‍රදේශයේ කුඹුරක බැඳ සිටි කිරි දෙනුන් හතර දෙනකු හා කුඩා පැටවකු මරා මස් රැගෙන ගොස් ඇති බව ප්‍රදේශයේ ගොවියන් පවසනවා.

කලුන්දාව ප්‍රදේශයේ ගොවියකු විසින් අද (25) දින දඹුල්ල පොලීසියට ඒ පිළිබඳව පැමිණිළි කළා.

ඊයේ (24) පස්වරුවේ සතුන්ට ආහාර ලබා දී ගස්වල බැඳ තමන් ආපසු නිවසට ගිය බවත්, අද (25) දින පෙරවරුවේ කිරි දෙවීම සඳහා පැමිණීමෙන් පසුව ඇළ මාර්ගය අසළ තම කිරි දෙනුන් හතර දෙනාගේ හා එක පැටවකුගේ හම, කකුල් හා බඩවැල් පමණක් දැකගැනීමට හැකිවූ බවත් කලුන්දාව පදිංචි කේ. ජී.කිරිබණ්ඩා මහතා පැවසුවා.

harak01 harak02jpg harak03jpg harak04jpg harak05jpg harak06jpg harak07jpg