Friday, April 19, 2024

General line - 0115112241

යුරෝපයේ උෂ්ණත්වය ඉහළට : කැනඩාවේ 33 දෙනෙක් මරුට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කැනඩාවේ දකුණු දිග ප්‍රාන්තයට බලපා තිබෙන අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙක් මිය ගොස් තිබෙනවා. එරට බලධාරීන් සඳහන් කරන්නේ පවතින උෂ්ණත්වය මිට වඩා ඉහල යාමේ අවධානමක් පවතින බවයි.

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු දිග කැනඩාවේ නගර ආශ්‍රිතව වායු සමීකරණ කළාපවල සහ පිහිනුම් තාටාක වල ජනතාව වැඩි කාලයක් ගත කරන බවයි විදෙස් පුවත් සේවය වාර්තා කරන්නේ.

මියගිය බහුතරයක් දෙනා වයස අවුරුදු 50-80 ත් අතර සිටින බවයි කැනඩාවේ සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

උෂ්ණත්වයෙන් ආරක්ෂා වීම සඳහා හැකි තරම් ජලය පරිහරණය කරන ලෙසත් අව්වට නිරාවරණය නොවී ආරක්‍ෂිත ලෙස රැඳී සිටින ලෙස බලධාරින් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඉකුත් සතියක කාලය පුරා කැනඩාවේ දකුණු දිග ප්‍රාන්තයට බලපෑ උෂ්නත්වය සෙල්යස් අංශක 35 ක පමණ අගයක් ගෙන තිබුනා.

මේ අතර එංගලන්තයේද උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙන බව ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරනවා. 

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ කුවින්ස්ල්න්ඩ් ප්‍රාන්තයට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් වාහන වල ටයර් පවා උනුවී ගොස් ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ. 

දිනෙන් දින වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යමින් තිබෙන බව කාලගුණ විද්‍යාඥයින් පවා මේ වන විට අනතරු අඟවා තිබෙනවා.