Tuesday, April 23, 2024

General line - 0115112241

ජපානයේ විෂ වායු ප්‍රහාරකයා එල්ලා මරා දමයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




1995 වසරේදී ජපානයේ ටෝකියෝ උමං දුම්රිය මාර්ගයේදී "සැරින් විෂ වායු" ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ Aum නම් කණ්ඩායමේ හිටපු නායකයා වන Chizuo Matsumoto ට එරෙහිව පසුගිය සිකුරාදා මරණ දඬුවම ක්‍රියාත්මක කළ බවට එරට NHK පුවත් සේවය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරය සම්බනධයෙන් මරණ දඬුවම නියමවූ පුද්ගලයා වන්නේ Chizuo Matsumoto යන අයයි. NHK පුවත් සේවය සඳහන් කරන්නේ පසුගිය සිකුරාදා ඔහුව එල්ලා මරා දැමු බවයි.

සැරින් විෂ වායුව මුලින්ම ජර්මනියේ නාසි හමුදාව විසින් යුදෙව් වරුන් සමුල ඝාතනය සඳහා යොදා ගනු ලැබූ විෂ වායුව වන අතර 1995 වසරේදී ජපානයේ කාර්ය බහුලතම උමං දුම්රිය මාර්ගය තුලදී එල්ල කළ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙක් මියගොස් 6000 කට අධික පිරිසක් රෝගාතුරු වුනා.