Tuesday, April 23, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කිරුළට ළංවූ අවසන් 08 දෙනාගේ ගැටුම අද සිට

ඩිල්ෂාන් මඩවල




2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (06) ආරම්භ වනවා. කුසලානය සඳහා වඩාත් සමීප වූ කණ්ඩායම් 08 පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට මෙහිදී තරග වැදීමට නියමිතයි. පළමු සහ දෙවන තරග අද පැවැත්වෙනවා. 

පළමු තරගය පැවැත්වෙන්නේ උරුගුවේ කණ්ඩායම සහ ප‍්‍රංශය අතරයි. දෙවන තරගය බ‍්‍රසීලය සහ බෙල්ජියම අතර පැවැත්වෙනවා. 

උරුගුවේ සහ බෙල්ජියම් යන කණ්ඩායම් මෙම තරගාවලිය මේ දක්වා සහභාගී වූ සියලූ තරග ජයගෙන තිබෙනවා. ප‍්‍රංශය සහ බ‍්‍රසීලය තරග 03 බැගින් ජයගෙන ඇති අතර  ඔවුන් සහභාගී වූ එක් තරගය බැගින් ජය පරාජයෙන් තොරව නිමා වුණා.