Thursday, April 18, 2024

General line - 0115112241

රටේ අනාගතය වෙනුවෙන් පිටකොටුව මැනිං වෙළඳ සංගමය වැදගත් තීරණයක් ගනී

සමන්ත කුමාර




දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථානවල පළතුරු ඉදවීම සදහා කෘතීම රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම නතර කිරීමට සිය සංගමය යෝජනාවක් ගෙන එන බව පිටකොටුව මැනිං වෙළද සංගමය පවසනවා. එහි ජාතික සංවිධායක එච් එන් උපසේන පැවසුවේ ඉදිරියේ සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන වෙළද සංගමයේ මහා සභාවක් කැඳවා එම යෝජනාව ඉදිරිපත් කරන බවයි.

ඊයේ දිනයේ සිට පළතුරු ඉදවීම සදහා කෘතීම රසායනික ද්‍රව්‍ය භාවිතය අත්හැරීමට  මැනිං වෙළද පොල වෙළද සංගමය තීරණය  කළා. ඒ වෙනුවට කෘතීම රසායනික ද්‍රව්‍ය නොමැතිව පෙර මෙන් දුම් ගැසීමෙන් පළතුරු ඉදමටයි මැනිං වෙළද සංගමය තීරණය කර ඇත්තේ. කෘතීම රසායනික ද්‍රව්‍ය මගින් මිනිස් සිරුරට  එල්ල වන බලපෑම් සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි මැනිං වෙළද සංගමයේ ජාතික සංවිධායක එච් එම් උපසේන නෙත් නිවුස් වෙත කියාසිටියේ.