Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියාවට 20 යි 20 කි‍්‍රකට් පරාජයක්

කසුන් කැලුම්




ඉන්දිය කණ්ඩායම සමග පැවැති දෙවන පන්දුවාර කි‍්‍රකට් තරගය කඩුළු 05කින් ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුළු 05ක් දැවී ලකුණු 148ක් රැස්කළා. 

එංගලන්ත කි‍්‍රඩකයින් පන්දුවාර 19.4ක් අවසානයේ කඩුළු 05ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්වුණා. පන්දු 41කදී නොදැවී ලකුණු 58ක් රැස්කළ ඇලෙක්ස් හේල්ස් තරගයේ විරයා ලෙස නම් කෙරුණා. 

දෙරට අතර පළමු 20 යි 20 තරගය ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි. ඉන්දු එංගලන්ත තුන්වන සහ අවසන් පන්දුවාර 20 යි 20 තරගය හෙට (08) පැවැත්වීමට නියමිතයි.