Thursday, April 25, 2024

General line - 0115112241

ඒඩ්ස් රෝගීන්ට නව බලාපොරොත්තුවක්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




HIV ඒඩ්ස් ආසාධිත රෝගීන් හට බලාපොරොත්තුවක් ඇති කරමින් නව එන්නතක් නිපදවීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. ඒ මෙම මාරාන්තික රෝගය ඇරඹීමට පටන් ගෙන වසර 35 ක් ගත වීමෙන් අනතුරුවයි.

රසායනාගාර වදුරන් යොදා ගනිමින් සිදුකළ පළමු පරීක්ෂණයේදී HIV ඒඩ්ස් රෝග කාරක එන්නත් කළ වදුරන් තුනෙන් දෙකකට එම වෛරසය පරාජය කිරීමට හැකිවූ බවත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් හෙබි පුද්ගලයින් 400 දෙනෙක්ට මෙම එන්නත ලබාදීමෙන් සිදුකල විමර්ශනයන්ට අනුව ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය ධනාත්මකව ඉහල ගිය බවට මෙම පරීක්ෂණය සිදුකරන වෛද්‍ය කණ්ඩායම සදහන් කර සිටිනවා.

ලොව මෙතෙක් HIV ආසාධිතයින් වෙනුවෙන් එන්නත් 04 ක් පරික්ෂා කිරීම් කර ඇති මුත් මෙම නව එන්නත ඒ සෑම පරික්ෂා කිරීමක් අභිබවා යහපත් ප්‍රතිපල අත්කර දෙනු ඇති බවයි මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන හාවර්ඩ් සහ MTI ආයතනය සඳහන් කරන්නේ.

 'Imbokodo' නමින් නම් කර ඇති මෙම නව එන්නත මේ වන විට අප්‍රිකානු මහද්ධිවිපයේ HIV ආසාධිත කාන්තාවන් 2600 කට එන්නත් කර ඇති අතර ඔවුන්ගේ රෝග නිශ්චයට අනුව ප්‍රතිපල දැක ගත හැකි වන්නේ වසර 2021 දී බවයි විද්‍යාඥයින් සදහන් කරන්නේ.

මෙම එන්නත නිපදවූ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ මහචාර්ය Dan Barouch පවසන්නේ මෙම අවස්ථාව විශේෂ සංධිස්ථානයක් බවයි. එමෙන්ම සිදුකළ මුලික පරීක්ෂණ වලට අනුව HIV රෝගකාරක එන්නත් කළ වදුරන්ගෙන් තුනෙන් දෙකක ගේ හා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුත් පුද්ගලයින් 400 දෙනාගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය මෙම එන්නත තුලින් වර්ධනය වී ඇති බව පෙන්නුම් කිරීම හොද පුවතක් වූ බවයි.

මේ නිසා ඒඩ්ස් වෛරසයට එරෙහිව සටන් කිරීමට එයට ගොදුරුවූ පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩිදියුණු කිරීමේ හැකියාව මෙම එන්නත තුලින් ලබාදී රෝගයට ගොදුරුවීමෙන් වැළකීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ වන විට HIV ඒඩ්ස් රෝගයට ගොදුරුවූ පුද්ගලයින් මිලියන 37 ක් ලොවපුරා වාසය කරනු ලබන බවයි ලෝක සොඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ.