Thursday, April 25, 2024

General line - 0115112241

ඊජිප්තුව ගැන මුහුනුපොතේ ගතු කියූ තරුණියට ලැබුණු දඬුවම (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිය ඊජිප්තු සංචාරය අතරවාරයේදී මුහුණ දීමට සිදුවූ ලිංගික හිංසනයන් සහ ආපනශාලාවන්හි අත්දුටු සිදුවීම් පිළිබඳව ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා වීඩියෝවක් පළ කිරීම සම්බන්ධයෙන් වරදිකරුවූ ලෙබනන් කාන්තාවකට එරට අධිකරණය විසින් වසර 08ක සිර දඬුවමක් පනවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.

සිය සංචාරය නිම කරමින් යලි ලෙබනනය බලා යාමට කයිරෝ ගුවන්තොටුපලට පැමිණි Mona el-Mazboh නම් 24 හැවිරිදි ලෙබනන් තරුණියව එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇය විසින් තමන් මුහුණදුන් අමිහිරි අත්දැකීම් පිළිබඳව අදහස් පළකරමින් ෆේස්බුක් හි පලකල වීඩියෝව හේතුවෙන්.

තමන්ට ඊජිප්තුවේදී කුලීරථ රියදුරන් ගෙන් සහ මහමග ගමන් කරන විට තරුණයින් ගෙන් එල්ලවූ ලිංගික හිංසනයන් සහ තමන්ගේ මුදල් සොරකම් කිරීම යනාදිය ගැන මෙම වීඩියෝව මගින් ඇය කරුණු ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් ඊජිප්තු අධිකරණය මගින් ඇය එල්ල කරනු ලැබූ සියලු චෝදනා බැහැර කර ඇති අතර ඇයව වැරදිකාරිය කරමින් වසර 08 ක සිර දඬුවමක් නියම කරමින් සඳහන් කලේ ඇය ඊජිප්තුවේ කිර්තිනාමය හානි කිරීමට සිතා මත කටයුතු කර ඇති බවයි.

තමන්ට එරෙහිව ලද නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට Mona el-Mazboh කටයුතු කර ඇති අතර එය ජුලි 29 වෙනිදා විභාග කිරීමට නියමිතයි.