Friday, April 26, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයේ අනතුරකින් ඇල්ටෝ රථය ගිනි ගනී (PHOTOS)

ලලිත් චාමින්ද




දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව හා ඉමදුව අතර පිහිටි 97 වැනි සැතපුම් කණුව අසලදී ඇල්ටෝ වර්ගයේ කාර් රථයක් මාර්ගයේ ආරක්ෂිත බැම්මේ ගැටී ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

ගිනි ගැනීමෙන් කාර් රථයට බරපතල අලාභහානි සිදුවී ඇති බවයි පින්නදුව අධිවේගී මාර්ග පොලිස් මුරපොළේ නිලධාරීන් සඳහන් කළේ.

ඊයේ (07) රාත්‍රි 10.00ට පමණ මෙම අනතුර වී තිබෙනවා.  මෙම කාර් රථයේ අඹු - සැමි යුවළක් හා  ඔවුන්ගේ මව ගමන්කොට ඇති බවත් අඹු - සැමි යුවළට අනතුරක් වී නොමැති අතර මව සුළු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට  ඇතුලත් කෙරුණා.

මොවුන් කොළඹ සිට අකුරැස්ස බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්වි ඇති බවද සඳහන්.

කාර් රථය පැදවු පුද්ගලයාට නින්දයාම නිසා මෙම අනතුර සිදු වී ඇති බවද පොලිසිය පෙන්වා දෙනවා.