Friday, March 29, 2024

General line - 0115112241

‘‘කැල්වරි සුපර්ක්‍රොස් ’’ ඇරඹෙයි

කසුන් කැළුම්




‘‘කැල්වරි සුපර්ක්‍රොස් ’’මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලිය මේ වනවිට කුරුණෑගල පාන්ගොල්ල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වෙනවා.

මෙය සංවිධාන කරන්නේ ශී‍්‍ර ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බලකාය, ශී‍්‍ර ලංකා මෝටර් රථ රියදුරන්ගේ සහ යතුරුපැදි කරුවන්ගේ සංගමය එක්වයි.

අද (08) උදෑසන තරග ඉසව් කිහිපයක් නිමාවට පත්වූ අතර ජය සංකේත ප‍්‍රදානය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

‘‘කැල්වරි සුපර්ක්‍රොස්’’මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ්. එම්. සහ ෆොක්ස් එෆ්. එම්.