Thursday, April 25, 2024

General line - 0115112241

තායිලන්තයේ වීරයෝ සුවයෙන් : රජුත් සුභ පැතුම් එක් කරයි (VIDEO/PHOTOS/ UPDATE)

දිනුක් හේවාවිතාරණ




දින තුනක් පුරා සිදුකළ අතිශය දුෂ්කර  දින 18 ක  කාලයක් පොලිව යට උමගක් තුල සිරවී සිටි  පාපන්දු කණ්ඩායමේ ළමුන් 12 දෙනා  ඔවුන්ගේ පුහුණුකරු මේ වන විට රෝහල් ගතව සිටිනවා. 

තායිලන්තයේ Chiang Rai හි පිහිටි Prachanukroh රෝහලේ විශේෂ  ප්‍රතිකාර ලබන මෙම පිරිසට මේ දක්වා ඔවුන්ගේ දෙමව්පියන් සහ පවුලේ හිතවතුන් සමග එක් වන්නට රෝහල් බලධාරීන් අවසර දී නොමැත. ඒ ඔවුන් දින ගනනාවක් පුරා උමගක සිටීම හේතුවෙන් විෂ බිජ වලට නිරාවරණය වීම වැළැක්වීම සදහායි.

Prachanukroh රෝහලේ ප්‍රධාන වෛදයවරයා අද (11) මෙම ළමුන්ගේ සෞඛ්‍ය සෞඛ්‍ය තත්ත්වය ගැන මාධ්‍යට පැහැදිලි කිරීමක් සිදුකලා. එහිදී ඔහු කියා සිටියේ සෑම දෙනාම මනා මනා ශාරීරික මෙන්ම මානසික ශක්තියෙන් පසුවන බවයි. කෙසේ වුවත් ළමුන් 12 ඇතුළු පුහුණුකරුගේ සිරුරේ බර කිලෝග්‍රෑම් 2 කින් පමණ අඩුවී ඇති බව ඔහු සදහන් කර සිටියා.

දැනට රෝහල් ගතව සිටින පාපන්දු කණ්ඩායමේ ළමුන් ගේ නවතම දර්ශන හා ජායාරූපද මාධ්‍ය වෙත මේ වෙත මුදාහැර තිබෙනවා.

මේ අතර තායිලන්තයේ රජු විසින් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් උමග තුල සිරවී සිටි ළමුන්ට සහ ඔවුනහේ පුහුණුකරුට සුභ පැතුම් එක් කර තිබුනා. 

ඊට අමතර එම නිවේදනය මගින් සිරවී සිටි මෙම පිරිස බේරා සදහා කැපවූ දෙස් විදෙස් සියලුම ගලවා ගැනීමේ නිලධාරීන්ට, එරට  ආරක්ෂක අංශ සාමාජිකයින්ට, රජයේ නිලධාරීන්ට, සහන සේවා කණ්ඩායම් වලට, දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට සිය  ස්තුතිය පලකිරීමට තායිලන්ත රජු කටයුතු කර තිබුනා.

 

..........................................................................................................................................................

උමග තුළින් මුදවා ගත් දරුවන්ට අවසන් මහා තරගය නැරඹීමට හැකියාවක් නෑ - ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැනුම් දෙයි

(11-07-2018 11:35)

මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගය නැරඹිමට තායිලන්තයේ උමග තුළ සිරවී සිට බේරා ගනු ලැබු පාපන්දු කණ්ඩායමේ සමාජිකයින්ට සහ ඔහුගේ පුහුණුකරුට නොහැකිවන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැනුම් දෙනවා.

"ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් තායිලන්ත පාපන්දු සංගමය අපට දැනුම් දුන්නා.. මේ ක්‍රිඩකයින්ට රුසියාවට ගමන් කරන්න අසිරුයි කියා. අපි ඔවුන් ගේ යහපත ගැන හිතන්න ඕනේ. මේ අවස්ථාව ඉදිරි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ විශේෂ අවස්ථාවකදි අපි ඔවුන්ට ලබා දීමට පියවර ගන්නවා" යනුවෙන් එම නිවේදනයේ සඳහන්.

දින 18ක කාලයක් තායිලන්තයේ උමගක පිහිටි ගල් ගුහාවක සිරවි සිටි මෙම පාපන්දු කණ්ඩායමේ ළමුන්, ඔවුන්ගේ පුහුණුකරුට සහ ඔවුන් ගලවා ගත් කිමිදුම්කරුවන්ට එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රිඩා සමාජය ඉදිරි පාපන්දු ලීග් තරගාවලිය නැරඹිමට සිය ක්‍රිඩාංගනයට පැමිණෙන්නැයි ආරාධනා කළා.

---------------------------

තායිලන්තයේ උමං ළමුන්ට ලැබුණු නොසිතු ආරාධනාව  (PHOTOS/VIDEO) (UPDATE)

(10-07-2018 23:49)

 

පුරා දින 18 කට ආසන්න කාලයක් තායිලන්තයේ  Tham Luang උමගේ සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු දින 03 ක මෙහෙයුමකින් අනතුරුව අද (10) බේරා ගනු ලැබුවා.

මෙම පිරිස නිරුපද්‍රිතව බේරා ගත් බවට සැලවීමත් සමග තායිලන්තයම ප්‍රීතියෙන් ඉපිලී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

මේ අතර එංගලන්තයේ ප්‍රධාන පෙලේ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන මැන්චේස්ටර් යුනයිටඩ් පිල සිය ෆේස්බුක් ගිණුම හරහා ආරාධනාවක් කර තිබෙනවා. ඒ මෙම ළමුන් 12 දෙනාට, ඔවුන්ගේ පුහුණුකරුට සහ ගලවා ගැනීමේ මෙහෙයුමේ
නිරිතවූ කණ්ඩායමේ සමාජිකයින්ට ඉදිරි තරග වාරයේදී තරග නැරඹීම සදහා සිය පිටියට පැමිණෙන ලෙසයි.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක රාජ්‍ය නායකයින් පවා මුදවා ගැනීමේ මෙහෙයුම සාර්ථක වීම සම්බන්ධයෙන් සුභ පැතුම් එක්කරමින් ට්ව්ටර් පණිවිඩ තබා තිබෙනවා.

 

.........................................................................................................

තායිලන්තයේ ගුහාවක සිරවී සිටි සියලු දෙනා බේරා ගැනේ

(10-07-2018 17:53)

පුරා දින 18 ක කාලයක් තායිලන්තයේ Tham Luang භූගත උමගක පිහිටි ගල් ගුහාවක් තුල සිරවී සිටි පාපන්දු කණ්ඩායමක ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ගලවා ගැනීම සදහා දියත් කළ මෙහෙයුම සාර්ථකව අවසන් කර තිබෙනවා.

අදියර තුනක් යටතේ ඉකුත් ජුලි 08 වෙනිදා ආරම්භ කෙරුණු මෙම ගලවා ගැනීමේ මෙහෙයුමේදී පළමු සහ දෙවන දිනයන් හිදී ළමුන් 08 දෙනෙකු බේරා ගැනීමට කිමිදුම්කරුවන්ට හැකිවූවා.

ඒ අනුව අද (10) දිනයේදී තෙවන දිනයටත් ආරම්භ කෙරුනු ගැලව ගැනීමේ මෙහෙයුමේදී උමග තුල සිරවී සිටි ළමුන් සිවුදෙනෙක් සහ ඔවුන්ගේ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ගලවා ගැනීමට හැකිවිය.

මෙලෙස බේරා ගනු ලැබූ සියලුම දෙනා මේ වන විට රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ජාත්‍යන්තරයේ අවධානය ලැබුණු මෙම මෙහෙයුම සඳහා සහය වීමට අමෙරිකාව, එංගලන්තය, ජපානය, චීනය, බ්‍රසීලය ඇතුළු විදෙස් රටවල් ගණනාවකින් කිමිදුම් විශේෂඥයින් සහයට පැමිණියා. 

අවසන් ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා පමණක් කිමිදුම්කරුවන් 90 දෙනෙක් යොදා සිටි අතර ඉන් 50 දෙනෙක් විදේශිකයින් ව්‍ය අතර ඉතිරි 40 දෙනා තායිලන්ත නාවික හමුදාවේ කිමිදුම්කරුවන් වුනා.

මෙම ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ හිටපු තායිලන්ත නාවික හමුදාවේ සීල් බලඝණයේ කිමිදුම්කරුවෙක් වන සමන් ගුනාන් මියගියා. ඒ ඔක්සිජන් අවම වීම හේතුවෙන්. 


...........................................................................................................................................

ගුහාවේ සිරවී සිටි 11 වන ළමයාත් බේරා ගැනේ

(10-07-2018 15:14)

ගල්ගුහාවේ සිරවී සිටි 11 වන ළමයාද මිට සුළු මොහොතකට පෙර බේරා ගෙන ඒමට කිමිදුම්කරුවන් සමත්ව තිබෙනවා. ඒ අනුව මේ වන විට අද දිනයේදී ළමුන් දෙදෙනෙකු භූගත ගුහාවේ සිට පිටතට ගෙන් ඒමට කිමිදුම්කරුවන් සමත්ව තිබෙනවා.

ගුහාව තුල තවත් ඉතිරිවී සිටින දරුවා සහ පුහුණුකරු අද (10) දිනයේදී බේරා ගැනීමට කටයුතු කරන බවයි කිමිදුම්කරුවන් පවසනවා.

 

...................................................................................................................................................................

උමග තුළින් මුදවා ගත් දරුවන් ගැන වෛද්‍යවරුන්ට සැකයක් මතුවෙයි

(10-07-2018 14:04)

තායිලන්තයේ භුගත උමග තුල සිරවි සිටි ළමුන් 12 දෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුට පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය නැරඹ්මට රුසියාවට පැමිණේන ලෙස ජාත්‍යන්තර පාපන්දු සම්මෙලනය සිදුකල ඉල්ලිම පිලිගැනිමට බාධාවක් ඉස්මතුවි තිබෙනවා. 

ඒ ගල් ගුහාවේ සිට දැනට බේරා ගෙන තිබෙන ළමුන් 8 දෙනා ගෙන් දෙදෙනෙකුට පෙනහළු ආශ්‍රිත රෝග සදහා ද අනෙක් ළමුන් හයදෙනාට හයිපොතෙරමියා රෝගි තත්ත්වය සදහා ප්‍රතිකාර ලබම්න් සිටින නිසාවෙන්. මේ අතර ගල් ගුහාව තුලදී වවුලන් සපා කෑම හේතුවෙන් ළමුන්ට රෝග වැළදී ඇත්ද යන්න ගැන වෛද්‍යවරුන්ට සැක පළකරනවා.

වෛද්‍යවරුන් සදහන් කරන්නේ ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අනුව මෙම සතිය අවසානයේදි රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන අවසන් තරගය නැරඹිමට මෙම ළමුන්ගේ සහභාගි කරවිම අවිනිශ්ච්ත බවයි.

මේ අතර තුන්වන දිනටත් ගුහාවේ සිරවී සිටින ඉතිරි ළමුන් සිවුදෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ගලවා ගැනිමේ මෙහෙයුම් අද (10) තායිලන්ත වේලාවෙන් උදෑසන 10:00 ට ආරම්භ වුනා.

දෛනිකව ගලවා ගැනිමේ මෙහෙයුම් 04 බැගින් පසුගිය දින 02 ක තුලදි සිදුකලත් කෙසේ හෝ අද දිනයේදි ගල් ගුහාව තුල රැදි සිටින 05 දෙනාම බේරා ගන්නා බවයි මෙහෙයුමේ නිරත කිමිදුම්කරුවන් විදෙස් මාධ්‍ය වෙත සදහන් කර සිටියේ.

ගුහාවේ සිට බේරා ගන්නා ලද ළමුන් 08 දෙනා පළමු වරට ඔවුන්ගේ දෙමව්පියන් මුණගැසීමට ඊයේ (09) අවස්ථාව උදාවූනා. ළමුන් සිටින රෝහල් වාට්ටුවට දෙමව්පියන්ට පැමිණීමට අවසර ලබාදුන් අතර එහිදී ඔවුන්ට ආරක්‍ෂිත කබා සහ මුඛ වැස්මන් භාවිතා කිරීමට සිදුවිය.

..........................................................................................................................................................

කිමිදුම්කරුවන්ගේ කැපවීමෙන් තවත් ළමුන් 4 දෙනෙක් අද බේරා ගැනේ

(09-07-2018 18:11)

භූගත උමගක් තුල පිහිටි ගල් ගුහාවක සිරවී සිටි ළමුන් 12 දෙනෙක් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරා ගැනීම සඳහා අද (09) දිනයේ සිදුකළ මෙහෙයුම් නතර කිරීමට තායිලන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

ඒ අද දිනයේදී කිමිදුම්කරුවන් ළමුන් සිවුදෙනකු බේරා ගැනීමෙන් අනතුරුවයි. මේ වන විට ඒ තුල සිරවී සිටි ළමුන් 08 දෙනෙකු බේරා ගැනීමට කිමිදුම්කරුවන් සමත්ව තිබෙනවා. 

මේ අනුව භූගත ගල් ගුහාව තුල තවත් ළමුන් 4 දෙනෙක් සහ ඔවුන්ගේ පුහුණුකරු රැදී සිටින අතර හෙට (10) දිනයේදී ඔවුන් මුදා ගැනීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ. 

මෙම ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු පසුගිය ජුනි 23 වනදා Tham Luang උමග නැරඹීමට ගොස් තිබු අතර අධික වැසි හේතුවෙන් උමග ජලයෙන් පිරීයාම නිසා ඔවුන් ඒ තුල සිරවුනා.

මේ වන විට පුරා දින 17 කට ආසන්න කාලයක් ඔවුන් මුදවා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 

 

.........................................................................................................................................................

පස්වන දරුවා බේරා ගැනේ

(09-07-2018 16:10)

තායිලන්තයේ භූගත උමගේ සිරවී සිටින ළමුන් බේරා ගැනීමේ මෙහෙයුමේ දෙවන දිනය වූ අද දින එහි සිරවී සිටි දරුවන් ගෙන් තවත් අයෙක් ආරක්ෂා සහිතව ගුහාවෙන් පිටතට රැගෙන ඒමට කිමිදුම්කරුවන්ට හැකිවූ බව CNN පුවත් සේවය වාර්තා කරනවා.

මේ අනුව බේරා ගත් මුළු ළමුන් සංඛ්‍යාව 05 ක් වන අතර තවත් ළමුන් 7 දෙනෙක් සහ ඔවුන්ගේ පුහුණුකරු සිරවී සිටිනවා.

..............................................................................................................................................................

දෙවන දිනයටත් තායිලන්තයේ භූගත උමගේ සිරවී සිටින ළමුන් 8 දෙනා සහ පුහුණුකරු බේරා ගැනීම සඳහා කිමිදුම්කරුවන් සිය මෙහෙයුම් අරඹා ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.

තායිලන්ත වේලාවෙන් අද පෙරවරු 11 ට පමණ කිමිදුම්කරුවන් සිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. 

වාර්තා වන අන්දමට අද (09) දිනයේදී උමග තුල සිරවී සිටින ළමුන් සිවුදෙනෙක් පමණක් බේරා ගැනීමට සැලසුම් කර ඇති අතර ඉතිරි 05 දෙනා බේරා ගැනීම හෙට (10) දිනයේදී සිදුකිරීමට බලාපොරොත්තුවන බව තායිලන්ත මාධ්‍ය උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.

.................................................................................................................................................................

තායිලන්තයේ ගලවා ගැනීමේ මෙහෙයුම නවතියි

(08-07-2018 21:09)

තායිලන්තයේ Tham Luang ගල් ගුහාවේ සිරවී සිටින ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ගලවා ගැනීමේ මෙහෙයුම මේ වන විට නතර කර තිබෙනවා.

අද (08) තායිලන්ත වේලාවෙන් උදැසන 10:00 ට පමණ ආරම්භ වුනු මෙම ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා විශේෂ දැනුම ඇති ජාත්‍යන්තර කිමිදුම්කරුවන් 13 දෙනෙක් සහ ඔවුන්ගේ සහයට තායිලන්ත නාවික හමුදාවේ සීල් බලකායේ කිමිදුම්කරුවන් 5 දෙනෙකු ඇතුලත්ව සිටියා. ඊට අමතරව තවත් කිමිදුම්කරුවන් 75 දෙනෙක් උමග තුල සේවයේ යෙදී සිටි අතර මෙම මෙහෙයුම සඳහා යොදවා සිටි මුළු කිමිදුම්කරුවන් සංඛ්‍යාව 90 ක් විය. ඉන් 50 දෙනෙක් විදෙස් රටවලින් පැමිණ සිටි අයවලුන් වන අතර 40 දෙනෙක් තායිලන්ත ජාතිකයින්ය.

උමග තුල පිහිටා ඇති ගල් ගුහාවේ සිට පළමු ළමුන් දෙදෙනා පිටතට ගෙන ඒමට කිමිදුම්කරුවන්ට හැකිවූ අතර ඒ වන විට තායිලන්ත වේලාවෙන් සවස 5:45 පසුවී තිබුනා.  එක් වරට එක් ළමයෙක් බැගින් කිමිදුම්කරුවන් දෙදෙනෙක් විසින් ඔවුන්ව ඉතා ප්‍රවේශමෙන් ජලයෙන් පිරි තිබෙන උමං මාර්ගයෙන් පිටතට ගෙන ඒමට සමත් වුනා. දෙවන වරට ළමුන් දෙදෙනා පිටතට රැගෙන එන විට රාත්‍රි 7:30 පමණ වූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී ළමුන්ගේ මුහුණ ආවරණය වන පරිදි ඔක්සිජන් මුහුණු ආවරණයක් පලඳවා එයට ඔක්සිජන් ලබා දෙනු ලබන ටැංකිය මුලින් පිහිනා යන කිමිදුම්කරුවා විසින් රඳවා ගෙන පිහිනා එන අතර ඔහුට පසු පසින් ළමයාද ඉන් අනතතුරුව ඔවුන් දෙදෙනාට පිටු පසින් තවත් එක් කිමිදුම්කරුවෙක් ලෙස කණ්ඩායමක් වශයෙන් මෙම අසීරු මෙහෙයුම ක්‍රියාවට නැඟූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර බලධාරින් බලාපොරොත්තු වූ ආකාරයෙන් අද සවස් වන විට Tham Luang උමග පිහිටි තායිලන්තයේ  Chiang Rai ප්‍රාන්තයට වැසි ඇද හැලමින් පවතින අතර එහි ආණ්ඩුකාරවරයා අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ හෙට (09) උදැසන දැනට ඉතිරිවී සිටින ළමුන් 08 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුවා ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන බවයි.

මේ වන විට කිමිදුම්කරුවන් භාවිත කරනු ලබන ඔක්සිජන් ටැංකි යලි පිරවීම සහ කිමිදුම්කරුවන්ට විවේකයක් ලබාදීම මේ වන විට සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

 

 

.........................................................................................................................................................

තායිලන්ත ගුහාවේ සිරවී සිටි  ළමුන් 4 දෙනෙක් බේරා ගැනේ

(08-07-2018 19:34)

තායිලන්තයේ Tham Luang ගුහාවේ සිරවී සිටි ළමුන් 4 දෙනෙකු ඉන් පිටතට රැගෙන ඒමට කිමිදුම්කරුවන් ඇතුළු සහන සේවා කණ්ඩායම් වලට හැකිවී තිබෙනවා. 

බේරා ගනු ලැබූ ළමුන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් කරා ගුවන් මගින් ගෙන යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

 


................................................................................................................................................................................

තායිලන්තයේ Tham Luang ගුහාවේ සිරවී සිටි ළමුන් සිවුදෙනෙකු ඉන් පිටතට රැගෙන ආ බවට තායිලන්ත නාවික හමුදාවේ සීල් මෙහෙයුම් බලකාය සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල පිටුව හරහා දැනුම් දී තිබෙනවා.

 

........................................................................................................................................................

තායිලන්තයේ භූගත ගුහාවේ සිරවී සිටි ළමුන් 12 දෙනාගෙන් දෙදෙනකු මේ වන විට නිරුපද්‍රිතව ගොඩට ගැනීමට සහන සේවකන් සමත්ව තිබෙනවා.

බේරා ගනු ලැබූ ළමුන් දෙදෙනා ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මේ වන විට ගුහාව ආසන්නයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයේ පරික්ෂා කිරීම් වලින් අනතුරුව රෝහල් කරා රැගෙන යාමට ගිලන් රථ එම ස්ථානයට ලගා වී තිබෙනවා.

මෙහෙයුම් භාරව කටයුතු කරනු ලබන තායිලන්ත හමුදාවේ උසස් නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ගුහාවේ සිටින ළමුන් ගෙන් දුර්වල තත්ත්වයේ සිටින අය පළමුවෙන් පිටතට ගෙන ඒමට කටයුතු කරන බවයි. එමෙන්ම බලාපොරොත්තුවූ කාලයට වඩා පැය 02 කට පෙර ළමුන් ඉවත් කර ගැනීමේ කාර්ය ආරම්භ කිරීමට හැකිවූ බවයි ලුතිනන් ජෙනරල් Kongcheep Tantrawanit ප්‍රකාශ කර සිටියේ.

මේ අතර තවත් නොබෝ වෙලාවකින් තවත් ළමුන් 4 දෙනෙකු ගුහාවේ සිට පිටතට කිමිදුම්කරුවන්ගේ ආධාරයෙන් පිහිනා එමින් සිටින බවද ඔහු BBC පුවත් සේවයට ප්‍රකාශ කර සිටියා.

..................................................................................................................................

ලොවම බලා සිටින තායි ළමුන් බේරා ගැනීමට ජාත්‍යන්තර කිමිදුම්කරුවන් 18 දෙනෙක් පිටත්ව යයි

(08-07-2018 16:23)

මහ වැසි මැද තායිලන්තයේ භූගත උමග තුල සිරවී සිටින ළමුන් බේරා ගැනීමේ අවසන් මෙහෙයුම ආරම්භ කිරීමට එරට නාවික හමුදා විශේෂ මෙහෙයුම් බළකාය සහ ජාත්‍යන්තර කිමිදුම්කරුවන් ගේ මැදිහත් වීමෙන් මේ වන විට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

දින 16 ක කාලයක් ගල් ගුහාව තුල සිරවී සිටින ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා අමෙරිකාව, එංගලන්තය, චීනය, ඔස්ට්‍රේලියාව, ජපානය, ලාඕස් සහ මියන්මාරයේ විශේෂඥයින්ගේ සහය ඇතිව ක්‍රියාත්මක කර තිබෙනවා. 

මේ වන විටත් ළමුන් සිරවී සිටින Tham Luang  ගුහාව ආශ්‍රිත ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙමින් පවතින බවත් ගුහාව තුලට එකතු වන ජලය ඉවත් කිරීම සඳහා සහන සේවකයින් මහත් පරිශ්‍රමයක් දරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තායිලන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ගලවා ගැනීමේ මෙහෙයුමේදී එක් වරකට සිරවී සිටින දරුවෙක් බැගින් පිටතට රැගෙන ඒමට කිමිදුම්කරුවන් කටයුතු කරනු ඇති බවත් ඒ සඳහා මනා පළපුරුද්දෙන් යුත් ජාත්‍යන්තර කිමිදුම්කරුවන් 13 දෙනෙක් සහ තායිලන්ත නාවික හමුදාවේ කිමිදුම්කරුවන් 5 දෙනෙක් අතුළු 18 දෙනෙක් මෙම භාරදුර මෙහෙයුම සඳහා පිටත්ව ගොස් ඇති බවයි. ළමුන් සිටින ගුහාවේ සිට ජලයෙන් යටවී ඇති උමග හරහා කඹ ඇද ඇති අතර ඒවා ආධාරයෙන් කිමිදුම්කරුවන්ගේ සහයෙන් දරුවන් අවධානම් කලාපයෙන් පිටතට ගෙන ඒමට බලාපොරොත්තු වන බවද එහි සඳහන්.

ප්‍රදේශය භාර ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ සියල්ල සැලසුම් කල පරිදි සිදුවන්නේ නම් අද රාත්‍රි 9 සිට ගුහාව තුල සිරවී සිටින දරුවන් පිටතට ගෙන ඒමේ මෙහෙයුම ආරම්භ කරන බවයි. විශේෂයෙන්ම උමග තුලීන් ගලා යන ජලයේ සැඩ පහර හේතුවෙන් කිමිදුම්කරුවන්ට ළමුන් සිටින ගුහාව තුලට ලඟා වීමට පැය 06 ක කාලයක් ගත වනු ඇත. එමෙන්ම ළමුන් රැගෙන යලි ගුහාවේ සිට පිටතට එන ගමන සඳහා පැය 05 කට ආසන්න කාලයක් ගතවනු ඇති බවයි කිමිදුම්කරුවන් සඳහන් කර සිටින්නේ.

මේ අතර එරට ස්වේච්ජා සංවිධාන සහ පුද්ගලයින් රැසක් මෙම සහන සේවා මෙහෙයුමට සම්බන්ධ නිලධාරින් වෙනුවෙන් ආහාර පාන ලබා දීමට සහ සම්බාහන කටයුතු කිරීමට ඉදිරිපත්ව සිටිනවා. උමග තුලදී ඇතිවන මානසික ආතතිය සහ ශරීරයට ඇතිවන පීඩාවන් අවම කිරීම සඳහා සම්බාහනය කිරීමෙන් අවම කර ගත හැකි බවයි ඔවුන් සදහන් කර සිටින්නේ.