Wednesday, April 24, 2024

General line - 0115112241

අහසින් ඇදහැළුණු සුනාමියෙන් ජපානය අසරණ වෙයි (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජපානයට බලපෑ තද වැසි සහිත ආපදා තත්ත්වයෙන් මේ වන විට පුද්ගලයින් 60 දෙනෙක් මිය ගොස් තවත් විශාල පිරිසක් අතුරුදහන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන්  කර සිටිනවා.

මෙම ආපදා තත්ත්වය දැඩිව බලපා තිබෙන ජපානයේ බටහිර ප්‍රදේශයේ නාය යෑම්, ගංවතුර හේතුවෙන් පුද්ගලයින් මිලියන 1.5 ක් සිය නිවෙස් අත්හැර ආරක්‍ෂිත ස්ථාන කරා ගොස් තිබෙන අතර තවත් මිලියන 3 කට ආසන්න පිරිසක් ආපදාවන් හේතුවෙන් පිඩාවට පත්ව තිබෙනවා.

ජපාන රජයේ ප්‍රකාශකවරයා වන Yoshihide Suga සදහන් කර සිටින්නේ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය නිසා මේ දක්වා පුද්ගලයින් 92 ක් අතුරුදහන් බවයි.  එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගංවතුරට ගසා ගෙන ගිය පුද්ගලයින් සෙවීම සඳහා හෙළිකොප්ටර් යාන 40 ක් යොදවා ඇති බවයි.

මේ වන විට ආරක්ෂක අංශ සාමාජිකයින්ට අමතරව 50,000 ක ගෙන් යුත් සහන සේවා කණ්ඩායමක් බටහිර ජපානයට බලපෑ ආපදා වන් වෙනුවෙන් සහන සේවාවන් සදහා යොදවා ඇත.

ජපාන කාලගුණ බලධාරින් සඳහන් කරන්නේ මේ ඇතිවී තිබෙන වර්ෂාව ඔවුන් මෑත ඉතිහාසයේ ඔවුන් අත්දුටු වැඩිම අගයක් ගෙන දුන් වර්ෂාව බවත් ඉදිරි දින කිහිපයේදී එය තවත් වැඩිවෙනු ඇති බවයි.