Thursday, April 25, 2024

General line - 0115112241

සෞදි අරාබියට ත්‍රස්ත ප්‍රහාරයක්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සෞදි අරාබියේ රියාද් අගනුවරට උතුරු දෙසින් පිහිටි කාසිම් ප්‍රාන්තයේ ආරක්ෂක මුරපලකට ඊයේ (08) එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් එක් ආරක්ෂක නිලධාරියෙක් ඇතුළු පුද්ගලයින් 4 දෙනෙක් මිය ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

කාසිම් ප්‍රාන්තයේ පිහිටි Buraidah-Tarafiya මාර්ගයේ පිහිටා ඇති ආරක්ෂක මුරපලට ත්‍රස්තවාදීන් තිදෙනෙකු විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී එක් ආරක්ෂක නිලධාරියෙක් සහ බංග්ලාදේශ ජාතිකයෙක් මියගොස් තිබෙනවා.

මෙහිදී ආරක්ෂක නිලධාරින් විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් දෙදෙනෙක් මිය ගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇති බවයි සෞදි මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කාසිම් ප්‍රාන්තය සම්ප්‍රදායික වහාබි විශ්වවිද්‍යාලය පිහිටා තිබීම නිසා එය සෞදි අරාබියේ ජිවත් වන සුන්නි මුස්ලිම්වරුන්ගේ වැදගත් ස්ථානයක් ලෙස හදුන්වනු ලබනවා.

විශ්ලේෂකයින් පවසන්නේ කාසිම් ප්‍රාන්තයේ බහුතරයක් තරුණයින් අල්-කයිඩා සහ යේමන් ත්‍රස්ත කණ්ඩායම් වලට එක්වී ඇති බව සදහන් කරනවා.

අල්-කයිඩා සහ යේමන් සටන්කාමීන්ට එරෙහිව සෞදි අරාබිය යුධ වැදීමත් සමග දිනෙන් දින එරට ආරක්ෂක අංශ වෙත එල්ල වන ප්‍රහාර වල වර්ධනයක් පෙන්නුම් කරනු ලබනවා.